News Line| Off Air
Generic placeholder image

Nov
27

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට ඉන්දියාවට

578 Views


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට ඉන්දියාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා හෙට (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙම චාරිකාවේ දි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා හමුවන අතර, ඉන්දීය අග‍්‍රාමාත්‍යතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

එමෙන්ම ජනාධිපතිවරයා සෙසු ඉන්දීය ප‍්‍රභූවරුන් ද මුණ ගැසෙනු ඇති.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු නිරතවන ප‍්‍රථම විදේශ චාරිකාව මෙයයි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපතිතුමාගේ උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද චාරිකාවට එක් වන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post