News Line| Off Air
Generic placeholder image

Nov
28

උත්සව සමයේ දී හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට

475 Views


උත්සව සමයේ දී හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට

එළඹෙන උත්සව සමයේ දී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිල දී ගත් වී තොග මේ වන විට අදාළ ගබඩාවල තැන්පත් කර ඇති අතර මෙම වී තොග අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් හඳුනාගත් පෞද්ගලික අංශයේ වී මෝල් මගින් සහල් බවට පත් කර ලංකා සතොස වෙත ලබා දීමට නියමිත අතර මහා භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ දිසා ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (28) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ තිබෙනවා.

මෙම සහල් උපරිම සිල්ලර මිල යටතේ ලංකා සතොස අලෙවිසල් මගින් පාරිභෝගිකයන් වෙත අලෙවි කෙරෙන අතර මේ සඳහා ලංකා සතොස මගින් සහල් සඳහා වන මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට නියමිත අතර ඒ අනුව එළඹෙන සතිය තුළ දිවයින පුරා ගබඩා කර ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස වෙත නිකුත් කිරීම ආරම්භ කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post