News Line| Off Air
Generic placeholder image

Nov
28

බැසිල් රාජපක්ෂට විදේශ ගතවීමට අවසර දෙයි

604 Views


බැසිල් රාජපක්ෂට විදේශ ගතවීමට අවසර දෙයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සෞඛ්‍යය හේතූන් මත විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නා. ඒ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනු හතර ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද කැඳවනු ලැබු අවස්ථාවේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දෙසැම්බර් මස 05 වනදා සිට ලබන වසරේ මාර්තු මස 6 වන දා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට අවශ්‍යව තිබෙන බවයි.

ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම අදාළ කාලසීමාව වෙනුවෙන් ලිහිල් කරන ලෙසයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එම ඉල්ලීමට රජයේ නීතිඥවරයා විරෝධය පළ කළ නමැති අතර ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විසින් අදාළ කාල සීමාව සඳහා බැසිල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post