News Line| Off Air
Generic placeholder image

Nov
28

ලොව පුරා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටීමකට ලක්වෙයි

581 Views


ලොව පුරා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටීමකට ලක්වෙයි

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය අඩවි දෙක ලොව පුරා බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් දහස් ගණනක් පරිශීලකයින් අපහසුතාවන්ට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අද (28) රාත්‍රී 6.30ට පමණ මෙම සමාජ මාධ්‍ය ජාල අඩවි දෙක බිදවැටීම පිලිබදව ගැටළු වාර්තා වී තිබෙනවා.

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට තම ගිණුම්වලට පිවිසීමට නොහැකි වී ඇති බව සදහන්.

එමෙන්ම ලොව පුරා සිටින ෆේස්බුක් පරිශීලකයින් post share කර ගැනීමේ පහසුකම ක්‍රියාත්මක නොවන බවත්, අදහස් දැක්වීමට හෝ ඡායාරූප upload කිරීමට නොහැකි වී ඇති බවත් වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post