News Line| Off Air
Generic placeholder image

Nov
28

ලකුණු 4 කට දැවී යාම පිලිබඳ කණගාටුවෙන් ස්මිත් තමන්ටම දඬුවම් කරගනී

608 Views


ලකුණු 4 කට දැවී යාම පිලිබඳ කණගාටුවෙන් ස්මිත් තමන්ටම දඬුවම් කරගනී

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත් සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 4 කට අඩු ලකුණු මට්ටමකට දැවී යාම හේතුවෙන් තමන් විසින් තමන්ට දඬුවම් කරගෙන ඇති පුවතක් වාර්තා වනවා.

බ්‍රිස්බේන් හිදී පැවති එම තරගාවලියේ ලකුණු 5ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

එම තරගයේ දී ලකුණු 4කට දැවී ගිය ස්මිත් තරගයෙන් පසු බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයේ සිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලැගුම් ගෙන සිටින හෝටලය දක්වා දිව ගොස් තමන් විසින් තමන් හට දඬුවම් කර ගත බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ක්‍රීඩාංගණයේ සිට හෝටලය දක්වා කිලෝමීටර තුනකට ආසන්න ප්‍රමාණයකින් යුතු බව සඳහන්.

මේ වසර තුල ස්මිත් ක්‍රීඩා කළ ටෙස්ට් තරග අතරින් අර්ධ ශතකයක් හෝ වාර්තා කර ගැනීමකින් තොරව දැවී ගිය පළමු අවස්ථාව මෙය වනවා.


News Articles
Latest Videos
Most Popular Post