News Line| Off Air
Generic placeholder image

Nov
29

කාසල්රි ජලාශයට මිරිදිය මත්ස්‍යය පැටවුන් දෙලක්ෂ අසුදහසක් මුදාහැරේ

615 Views


කාසල්රි ජලාශයට මිරිදිය මත්ස්‍යය පැටවුන් දෙලක්ෂ අසුදහසක් මුදාහැරේ

ජනාධිපති ලේකම් කාර්යයාලයේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව කාසල්රි ජලාශයට රෝ මත්ස්‍යය පැටවුන් දෙලක්ෂ අසුදහසක් අද මුදා හරිනු ලැබුවා.

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල ප්‍රෝටින් මන්දපෝෂණ තත්ත්වය අවමකිරීම, මිරිදිය මත්ස්‍යය අස්වැන්න සුලභ කිරිම සහ පරිභෝජනය ඉහල දැමිම යන අරමුණින් සිදු කරන මෙම ව්‍යපෘතිය සඳහා ජනාධිපති ලෙක්ම් කාර්යයාලය මඟින් නුවරඑලිය ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යයාලයට මේ වසර තුල රු මිලියන 16 ප්‍රතිපාදන ලබා දී තිබෙන අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මෙන්ම වතු ආශ්‍රිත පොකුණු ජලාශවලට මේ වන විට ජාතික ජල ජිවි වගා සවංර්ධන අධිකාරි මඟින් මේ වසරේ ගත වු මාස කිහිපය තුල මිරිදිය මත්ස්‍යය පැටවුන් සහ ඉස්සන් පැටවුන් විශාල සංඛ්‍යාවක් මුදහැර එහි අස්වැන්නද මේ වන විට ජලාශවල ධීවරයන් සහ වතු ආශ්‍රිත ධිවර සමිති සමාජිකයන් විසින් න‌ෙ‌ලගෙන ඇති බවයි ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරි නුවරඑළිය කාර්යලයේ ව්‍යපෘති නිලධාරි බුද්ධික කුෂාන් මහතා කියා සිටියා.

ඇඹිලිපිටිය මුරුතවෙල රෝ මත්ස්‍යය පැටවුන් අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද රෝ මත්ස්‍ය පැටවුනුයි අද මෙසේ කාසල්රි ජලාශයේ ආරක්ෂිත දැල්කුඩු වලට මුදා හරිනු ලැබුවා.

ආරක්ෂිත දැල් කූඩු මත මුදා හැරි මත්ස්‍යය පැටවුන් දින 45 ක කාලයක් ජලාශයට හුරුකර එම මත්ස්‍ය පැටවුන් මත්ස්‍යය ඇගිල්ලන් ලෙස වැඩුණු පසු ආරක්ෂිත දැල් කුඩුවලින් ඉවත්කර ජලාශයට මුදා හැරිමට නියමිත අතර ආරක්ෂිත දැල් කූඩු මත මත්ස්‍යය පැටවුන් දින 45 වැඩෙනතෙක් මත්ස්‍යය පැටවුන්ට අවශ්‍යය මත්ස්‍යය ආහාර කාසල්රි ජලාශයේ ධිවරයන් විසින් දිනපතා ලබදෙනු ලබනවා.

ජලාශයට මත්ස්‍යය පැටවුන් මුදා හැරීමෙන් පසු මාස හයක් වැනි කෙටි කාලයක් තුල රෝ මත්ස්‍යය පැටවෙකු ග්‍රැම් 500 ත් 750 අතර ප්‍රමාණයකට වර්ධනය වන බවද ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරින් පවසා තිබෙනවා.

කාසල්රි ජලාශයේ ධිවරයන් 62 දෙනෙකු ධීවර කර්මාන්තයේ යෙදි සිටින අතර එම ධිවරයන්ගේ සුබ සාධන කටයුතුද මෙම ව්‍යාපෘතිය හරහා ඉහල නැංවිමටද කටයුතු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post