මෙම වසරේ ගතවු මාස 09ක කාලය තුළදී එච්.අයි.වී ආසාදිතයින් 3393 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
පසුගිය වසර අවසානය වනවිට එච්.අයි.වී ආසාදිතයින් 1574 දෙනෙකු රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායනවලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
එච්.අයි.වී ආසාදනය ඇති බව හඳුනා ගැනීම සිදුකළ හැකිවන්නේ එච්.අයි.වී සඳහාම සිදුකරන රුධිර පරීක්ෂණයකින් පමණක් වන අතර අසාදිත පුද්ගලයින්ට අවශ්‍ය ප්‍රතිවෛරස් ඖෂධ රජයේ රෝහල් මඟින් නොමිලේ ලබා ගත හැකි වනවා.
සෑම වසරකම දෙසැම්බර් මස පළමුවනදාට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන එක්ව රුධිරය පරීක්ෂා කිරීමේ විශේෂ සායනයක් අද පවත්වනවා.
ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට එම සායනය වෙත යොමු වීමට අවස්ථාව පවතින අතර කොළඹ මහනගර සභා එළිමහන් පරිශ්‍රයේදී අද පෙරවරු 10.30 සිට පස්වරු 04.30 දක්වා එම සායනය පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.