දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත්, 150 ත් අතර, පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
එසේම, ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ කෙටි කාලීන තද සුළං සහ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.