ඉකුත්දා වත්මන් ආණ්ඩුව විසින් ජනතාව සහනයක් සලසමින් රජය විසින් අයකරන බදු වර්ග කිහිපයක් අහෝසි කිරීමට තීරණය කල අතර ඇතැම් බදු මිල පහත දැමීමට කටයුතු කළා.
කෙසේ වෙතත් මෙම බදු අඩු කිරීම හරහා වාහන මිල ගණන් වලට කෙරෙන බලපෑම ගැන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා සදහන් කරන්නේ එම බදු පහත හෙලීම තුලින් වාහන මිල ගණන් පහල දැමීමට තරම් බලපෑමක් සිදු නොවන බවයි. වාහනවලට අදාල විශේෂයෙන්ම සියලුම බදු එක බද්දක් එනම් ඒකක බද්දක් ලෙස පවත්වාගෙන යෑම නිසා ඒ අනුව වාහන වල බදු අඩු කිරීම තීරණය කරන්නේ එම ඒකක බද්ද මත බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.