News Line| Off Air
Generic placeholder image

Nov
29

කළු සිකුරාදා දිනය අදයි

2146 Views


කළු සිකුරාදා දිනය අදයි

සාප්පු සවාරි සඳහා ප්‍රසිද්ධියක් උසුලන කළු සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.

තමන්ට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ මිල දී ගැනීමට කළු සිකුරාදා දිනය එනතෙක් පාරිභෝගිකයන් මඟ බලමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කළා.

සෑම වසරකම අමෙරිකාවේ තෑන්ක්ස් ගිවින් (Thanksgiving) උත්සවය සමරන නොවැම්බර් මස 4 වැනි බ්‍රහස්පතින්දාට පසු දිනය කළු සිකුරාදා ලෙස හැඳින්වෙනවා.

ඒ අමෙරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් විසින් නත්තල හා එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළඳ සාප්පු සවාරි පටන් ගන්නා මුල් දවසයි.

සාප්පු සවාරිවල නිරත වෙමින් කළු සිකුරාදා දිනයේ ආරම්භය සනිටුහන් කිරීමට අමෙරිකානුවන් එක්ව සිටි අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.

මේ දිනයේ අවුරුද්දේ වෙන කිසිම දවසකවත් ලබා නොදුන් අන්දමේ වෙළඳ වට්ටම් ලබා දෙන්න එසේත් නොමැතිනම්, අදහාගත නොහැකි වට්ටම් ලබා දීමට බොහෝ වෙළඳ සමාගම් විසින් කටයුතු කිරීම විශේෂත්වයක්.

මේ හේතු නිසා නත්තලට වගේ ම අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන්ට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ මිල දී ගැනීමට කළු සිකුරාදා දිනය එනතෙක් පාරිභෝගිකයන් මඟ බලමින් සිටින බව සඳහන්.

1952 වසරේ අමෙරිකා එක්සත් ජනපදයේදී කළු සිකුරාදා දිනයේ ආරම්භය සනිටුහන් වනවා.

ආදී කාලයේ සිට ඔවුන් ඒ දිනය සමරනු ලබන්නේ වසරේ අස්වනු නෙලා ගැනීමේ ප්‍රීතිය සංකේතවත් කරමින්.

එම බ්‍රහස්පතින්දා දිනය ඇමෙරිකානුවන්ට නිවාඩු දිනයක් වන අතර, ඊට පසු දා යෙදෙන සිකුරාදා දිනය ඔවුන් විසින් කළු සිකුරාදා ලෙස හඳුන්වනවා.


News Articles
Latest Videos
Most Popular Post