යාපනය – පුංකුඩුතිව් හිදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සෂිකුමාර හෙවත් ස්විස් කුමාර් පොලිස් අත්අඩංගුවෙන් මුදාහැරීම පිළිබඳව වන නඩුව අද යාපනය මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම සිදුකෙරුණා.
ඊයේ දිනයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේම්ශංකර් නියෝග කළේ මෙම සිදුවීමට අදාළ දෙවන විත්තිකරු නොමැතිව නඩුව විභාග කිරීමටයි.
එවකට යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ ලලිත් ජයසිංහ සහ පොලිස් පරීක්ෂක ශීර ගජන් යන දෙදෙනා මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිඛෙනවා.
කෙසේ වෙතත්, විද්‍යා දැරියගේ ඝාතන සිද්ධිය පිළිබඳව නඩුව විභාග කිරීම ආරම්භ වීමත් සමඟම පොලිස් පරීක්ෂක ශීර ගජන් නැමැත්තා අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට වාර්තා කළා.
ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර යාපනය මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව දෙවන විත්තිකරු නොමැතිව විභාග කිරීමට තීන්දු කළා.
2015 වසරේ මැයි මස 13 වැනිදා විද්‍යා දැරිය ඝාතනය කිරීමෙන් පසුව එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සෂිකුමාර් පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව මුදා හැරීමට කටයුතු කළ බවටයි එවකට යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී ඇත්තේ.
මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද දැඩි කතාබහට ලක්වූ විද්‍යා දැරිය ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය මහාධිකරණය මීට පෙර මරණ දඬුවම නියම කළා.