අධික සාගින්නට ගොදුරු වන සිම්බාබ්වේ වැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් එරට තුළ දරුණු තත්ත්වයක් උද්ගතව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කළා.
උද්ධමනය ඉහළ යාම සහ දිළිඳුබව මෙලෙස සාගින්න ඉහළ යාමට හේතු වී ඇති බව ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
සාගින්නට ගොදුරු වන වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ කුඩා ළමයින් වන බව ද එමගින් දක්වා තිබෙනවා.