ලොව විශාලතම වැසි වනාන්තරය වන තම රටට සියයට 60 ක් අයත් වන ඇමේසන් වනාන්තරයේ පසුගියදා ඇතිවූ මහා ලැව්ගිනි, ලෝක වනසත්ව අරමුදල මගින් ප්‍රචාරක වීඩියෝ පටයක් සඳහා අවුළුවා ඇති බවට බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සනාරෝ චෝදනා කර තිබෙනවා.
එමඟින් ආධාර එක්රැස් කිරීමට වනසත්ව අරමුදල පෙළඹී ඇති බවත්, ඒ සඳහා පරිසර හිතකාමී හොලිවුඞ් නළු ලියනාඩෝ ඩි කැප්රියෝ ඩොලර් පන්ලක්ෂයක් ලබාදී ඇති බවත් ඔහු කියා සිටියා.
ඒ අනුව ඇමේසන් වනය ගිනි තැබීමට අනුග්‍රහකත්වය ලබාදී ඇත්තේ ඔහු බවද බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
කෙසේ නමුත් ඇමේසන් වනාන්තරයේ ලැව්ගිනි නොසළකා හැරි ජනාධිපති ජායිර් බොල්සනාරෝ, පාරිසරික සංවිධාන මර්දනය කරන බවටද චෝදනා එල්ලවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.