පාකිස්ථානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී නොදැවී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සමත් වී තිබෙනවා.
ඇඩිලේඞ් හී පැවැත්වෙන තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ඔස්ට්‍රේලියාවේ රැස්කළ ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 589 ක්.
ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 335 ක්ද මාර්නස් ලැබුෂෙයින් ලකුණු 162 ක්ද රැස් කරනු ලැබුවා.
ෂහීන් අෆ්රිඩි කඩුලු 3 ක් දවා ගත් අතර පකිස්ථාන පිලේ පිලිතුරු ඉනිම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගය ජයගත්තේ ඔස්ට්‍රේලියාවයි.