News Line| Off Air
Generic placeholder image

Nov
30

උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමේ සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් කියයි

829 Views


උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමේ සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් කියයි

උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමේ සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

මහනුවරදී අද පෙරවරුවේ මල්වතු – අස්ගිරි මා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.

නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද අලුයම මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රි දළදා මාලිගය වැඳපුදා ගත්තා.

ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා අස්ගිරි මහ විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

එමෙන්ම ආරක්ෂක ලේකම්වරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබාගෙන ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post