දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643ක පුද්ගලයන් 2200ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ආරක්ෂිත ස්ථාන තුනක පුද්ගලයන් 297 දෙනෙකු රැදී සිටින බවයි.
එමෙන්ම රත්නපුර, කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.