News Line| Off Air
Generic placeholder image

Dec
2

ටයිකොන්ඩෝ ඉසව්වෙන් සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම

732 Views


ටයිකොන්ඩෝ ඉසව්වෙන් සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම

නේපාලයේ – කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට රනුක ප්‍රභාත් අද සමත් වී තිබෙනවා.

ඒ වයස අවුරුදු 17 ත්, 23 ත් අතර කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි ඉසව්වෙන් තරඟ වදිමින්.

එමෙන්ම, කරාතේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කිරීමට හංසිකා හේෂානි හෙට්ටිආරච්චි සමත් වුණා.

මේ අතර, මීටර් 100 පිරිමි ඉසව්ව සහ කාන්තා ඉසව්ව අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතයි.

එස්.බාල්රාජ් පිරිමි කරාතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වුනා.


News Articles
Latest Videos
Most Popular Post