අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද මධ්‍යස්ථාන 4,987 කදී ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ වැඩිම විභාග අයදුම්කරුවන් පිරිසක් සහභාගී වන මෙවර සා පෙළ විභාගයේ ඉල්ලුම් කර ඇති අපේක්ෂකයින් ප්‍රමාණය හත්ලක්ෂ 17,008 ක් වන බව විභාග දෙපර්තුම්නේතුව සදහන් කරනවා.
ඒ අනුව අදින් ආරම්භ වුන මෙම විභාගය ලබන 12 වෙනිදා දක්වා පැවැත්වෙනවා. විශේෂයෙන්ම මෙවර විභාගය සදහා ඉදිරිපත් වන සියලුම අයදුම්කරුවන් සහ අනන්‍යතාවය තහවුරු කිරීම සදහා ජාතික හැදුනුම්පත සහ විභාග මධ්‍යස්ථානය විසින් පිළිගත් හැදුනුම්පතක් රැගෙන යන ලෙසයි විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ.
එමෙන්ම පවතින ආපදා හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට, අවශ්‍ය නම් ළගම ඇති විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට හැකි පරිදි ඒ සදහා පහසුකම් සපයා ඇති බවයි වැඩි දුරටත් සදහන් කරන්නේ.