අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය අද පෙරවරුවේ විවෘත කෙරුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලූපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ මෙම මහජන සම්බන්ධතා අංශය විවෘත කර තිබෙනවා.
ජනතාවගේ ගැටළු කඩිනමින් විසඳීම මෙම මහජන සබඳතා අංශය මගින් සිදු කෙරෙන බව එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.