2020 වසර සඳහා නියමිත පෙළ පොත් පළමු පාසල් වාරයේ පළමු දිනම දරුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙස පාසල් ප්‍රධානීන්ට අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා විසින් උපදෙස් දී තිබෙනවා.
2020 වර්ෂය සඳහා මුද්‍රණය කරනු ලැබූ පාසල් පෙළ පොත්, සිසුන් 1500ට වැඩි සියලු පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට සෘජුවම බෙදා දී ඇති බවත්, අනෙකුත් සියලු පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලට ලබා දී ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එහෙත් සිසුන් 1500ට අඩු, අමාත්‍යාංශය විසින් සෘජුව පෙළ පොත් ලබා දී නොමැති පාසල් මේ දක්වා සියලුම පෙළපොත් දරුවන් වෙත ලබා දී නැති බවත්, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලින් තම පාසලට අදාළ සියලුම පෙළපොත් රැගෙන ගොස් නැතිබවද අනාවරණය වී තිබෙනවා.
මේ නිසා තම පාසලට අදාළ සියලුම පෙළපොත් අදාළ මධ්‍යස්ථාන වලින් භාරගෙන 2020 පාසල් වර්ෂයේ පළමු පාසල් දිනයේම සිසුදරුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා සියලු විදුහල් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පෙළ පොත් ඌනතා පිළිබඳ කිසියම් දැනුම් දීමක් තිබේනම් 0112784815 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසද ඔහු දැනුම් දුන්නා.