News Line| Off Air
Generic placeholder image

Dec
5

කත්මණ්ඩු නුවරදී ලංකාවට තවත් රන් පදක්කමක්

556 Views


කත්මණ්ඩු නුවරදී ලංකාවට තවත් රන් පදක්කමක්

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වන දිනය අදයි. අද දිනයේ ශ්‍රි ලංකාවට තවත් රන් පදක්කමක් හිමිකර දීමට ලක්ෂිකා සුගන්දි සමත් වුණි. ඒ කාන්තා මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වෙන්.

කාන්තා මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් ලක්ෂිකා සුගන්දි එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය තත්පර 13යි දශම 6යි 8ක්. එම ඉසව්වේ ලෝකඩ පදක්කමත් ශ්‍රී ලංකාවට හිමිවූ අතර ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ඉරේෂානි රාජසිංහ විසිනි.


News Articles
Latest Videos
Most Popular Post