News Line| Off Air
Generic placeholder image

Dec
5

ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසකට ජනපතිගේ අවධානය

577 Views


ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසකට ජනපතිගේ අවධානය

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වූ ක්‍රියාමාර්ග කඩිනමින් සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ ආයතන නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

තාක්ෂණය මුල් වූ ලෝක ආර්ථිකය සදහා දරු පරපුරක් දායාද කළ හැකි අධ්‍යාපන ක්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතු බව සදහන් කළ ජනාධිපතිවරයා, විභාග කේන්ද්‍ර කර ගත් අධ්‍යාපන ක්‍රමයෙන් මිදී දරුවන්ගේ කර මත පැටවී ඇති බර ඉවත් වන ආකාරයේ පසුබිමක් සැකසිය යුතු බව එහිදී පෙන්වා දුන්නා.

ඒ අනුව, උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ වහාම විශ්වවිද්‍යාලවලට දරුවන් ඇතුළත් කර ගැනීම, පුරප්පාඩු ඇති ආයතන සොයා බලා රැකියා විරහිත උපාධිධාරින් පුහුණුව සමග බදවා ගැනීම, රටට සහ ආර්ථිකයට ගැලපෙන පරිදි ශ්‍රම බලකායක් බිහිකිරීම සහ ඊට ඉවහල් වන විෂය නිර්දේශ සකස් කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම උසස් පෙළ සමත් සියලූ දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම, තොරතුරු තාක්ෂණ විෂයට ප්‍රමුඛත්වය ලබාදීම කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපනයට අදාළ තීරණ ගැනීම, දේශපාලනයෙන් බැහැරව අධ්‍යාපනඥයින් විසින් සිදුකළ යුතු බවද සදහන් කළා.

ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

එසේම, විද්‍යා හා ගණිත අංශවලින් වැඩි දරු පිරිසක් රටට දායාද කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කලා අංශයෙන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් කෙටි කලකින් තොරතුරු තාක්ෂණ දැනුම සමග මුසුකර ආර්ථික ක්‍රියාවලියට එක් කර ගත යුතු බවද වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post