නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
එම බදු සහනය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු ද සංශෝධනය වී ඇති අතර එය පහත පරිදි වේ.
පැවති ගාස්තුව (රු) සංශෝධිත නව ගාස්තුව (රු)
ලියාපදිංචි ගාස්තුව 17,837.00 16,416.00
ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව 3755.00 3456.00