දිවයින පුරා අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසනවා.
ඒ අනුව මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි සහ පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇති විය හැකි බවත් දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බවත් වාර්තා වනවා.
ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට තාවකාලික තද සුළං හා අකුණු ඇති විය හැකි බැවින් ඒ පිලිබදව අවධානයෙන් පසුවන ලෙස ඒමේ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.