News Line| Off Air
Generic placeholder image

Dec
6

කළු සාගරගේ සගයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

612 Views


කළු සාගරගේ සගයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ මෙහෙයවීමෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ පුද්ගලයෙකු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින චමින්ද රෝහණ මංජු නොහොත් කළු සාගර නැමැත්තාගේ සහයකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව කොලොන්නාව ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති අයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 643ක් සොයාගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post