News Line| Off Air
Generic placeholder image

Dec
6

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් සාක්ෂි ලබාදීමට කාදිනල් හිමි අද ජනපති කොමිසමට

583 Views


පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් සාක්ෂි ලබාදීමට කාදිනල් හිමි අද ජනපති කොමිසමට

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 02 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පළමු මහලේ පිහිටා ඇති කොමිෂන් සභා කාර්යාලයට පැමිණ උන්වහන්සේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ විල්පත්තු ජාතික වනෝද්‍යානය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කිරීම පිළිබදව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා පිළිබඳව පරීක්ෂණ පවත්වා නිවැරදි බවට තහවුරු වී ඇතත්, අවශ්‍ය නම් යළි ජනාධිපති කොමිසමක් පත්කර ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසත් එම ලිපිය මගින් ඔහු දැනුම් දී ඇති බව සදහන්.

එමෙන්ම, විල්පත්තු වනෝද්‍යානයට ද ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කර ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post