News Line| Off Air
Generic placeholder image

Dec
9

ආහාරයට නුසුදුසු අල විකිණිමේ ඡාවාරමක් හෙළිවේ

933 Views


ආහාරයට නුසුදුසු අල විකිණිමේ ඡාවාරමක් හෙළිවේ

විදේශ රටවලින් ගෙන්වා ආහාරයට නුසුදුසු අර්තාපල් අල තෝරා වෙළඳපළට යැවිමේ ඡාවාරමක් අනාවරණය කර ගැනීමට ඊයේ දින පස්වරුවේ දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා හා පරිසර පොලීසියට හැකිවි තිබෙනවා.

දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ තුනේ කනුව ප්‍රදේශයේ වී මෝලක ඉතා රහසිගතව ගබඩාවක් තුළ කම්කරුවන් යොදවා ආහාරයට නුසුදුසු ඉතා කුණු වි ඕජස් ගලමින් තිබූ අර්තාපල් අල තෝරන බවත් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්දයක් පවතින බවත් ප්‍රදේශවාසීන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට දැනුම් දී තිබෙනවා.

ඊයේ දින නිවාඩු දිනයක් බැවින් නගරාධිපතිවරයා නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් කීපදෙනෙකු දඹුල්ල පොලීසියේ පරිසර පොලිස් අංශය කඩිනමින් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කොට තිබෙන අතර මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා ද එක්ව සිටිම විශේෂත්වයකි.

මෙම ස්ථානය පරීක්ෂාකිරීමේදී කන්ටේනර් රථ වලින් කුණුවි ගිය මෙම අර්තාපල් අල ගෙන්වා ගබඩාවක දමා කාන්තාවන් යොදා සුද්ද පවිත්‍ර කරමින් සිටි බව නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළා.

කාලයකට ඉහත ද මේ ආකාරයෙන්ම දඹුල්ල ප්‍රදේශයට විදේශ රටවලින් කුණු වි විනාශ වි ගිය අර්තාපල් ගෙන්වා සුද්ද පවිත්‍ර කොට නැවතත් රට අභ්‍යන්තරයට හොඳ අල වලට කලවම් කර යැවිමේ ඡාවාරම ක්‍රියාත්මක වි තිබිණි. එම අවස්ථා ජනමාධ්‍ය මගින් පෙන්වා දීම හේතුවෙන් වසර පහක පමණ කාලයක් නැවති තිබි නැවතත් මෙම අල ඡාවාරම ක්‍රියාත්මක වි ඇති බව ප්‍රදේශවාසීහු පවසනවා.

පනුවන් සහිත ඉතාමත් දුර්ගන්ධව ඕජස් ගලමින් මෙම අල පැවති බවද නගරාධිපති ජාලිය ඕපාත මහතා පෙන්වා දුන්නේය. වහාම දඹුල්ල මහනගර සභාව දඹුල්ල පොලීසියේ පරිසර ඒකකය එක්ව මෙම අර්තාපල් අල තොග සහිත ගොඩනැගිල්ලට සීල් තබා අද දින විශේෂ කණ්ඩායමක් යොදවා පරීක්ෂා කොට මෙම අර්තාපල් අල ගෙන්වූ අය සහ වෙළඳපොළට යැවූ පුද්ගලයන් පිළිබඳව සොයා බලා නීතිමය පියවර ගන්නා බව නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළා.
අර්තාපල් අල කොපමණ ප්‍රමාණයක් මෙම ස්ථානයේ පවතී ද යන්න ගණන් නොබැලූ බවත් නරක් වූ අල කිලෝ පන්දහසකට අධික ප්‍රමාණයක් තිබෙන්නට ඇතැයි විශ්වාසය පළ කරති. මෙම කුණු අර්තාපල් අල තොගය පිළිබඳව සහ ගෙන්වූ අය පිළිබඳව දඹුල්ල පොලීසියේ පරිසර ඒකකය දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය වෙන වෙනම පරීක්ෂණ දෙකක් ආරම්භ කරන බවද නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post