News Line| Off Air
Generic placeholder image

Dec
9

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන අභිමානවත් සංවත්සරය අදයි

709 Views


ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන අභිමානවත් සංවත්සරය අදයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන අභිමානවත් සංවත්සරය අදට(09) ට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 වසරේ දී පළමුව ස්ථාපිත කරන ලද නාවික හමුදාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහනය කර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසුව, ශ්‍රී ලංකා රාජකීය නාවික හමුදාව ලෙස 1950 දෙසැම්බර් මස 09 වන දින ස්ථිර නාවික හමුදාවක් ස්ථාපිත කළ අතර, මෙම රාජකීය නාවික හමුදාව 1972 වසරේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්විය.

ඉතා සීමිත නැව් මුළුවක් සහ යාත්‍රා කිහිපයකින් පමණක් ආරම්භ වූ ශ්‍රී ලංකා නවික හමුදාව, අද වන විට නිලධාරීන් 3347 කින් සහ නාවිකයින් 47457 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විතව අධිතාක්‍ෂණික ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා මෙන්ම අධිතාක්‍ෂණික මෙහෙයුම් පද්ධති සහ උපකරණවලින් සමන්විතව අප මාතෘභූමිය ආරක්ෂා කරමින් සිටිනවා.

“රට වට බැඳි රන් වැට” යන විරුදාවලිය ලත් නාවික හමුදාව, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිවැරදි මඟපෙන්වීම හා නායකත්වය යටතේ තම වෘත්තීය නිපුණතා මෙන්ම දැනුම ද අඛණ්ඩව වර්ධනය කර ගනු ලබන අතර, පවතින සම්පත් නිසි පරිදි කළමනකරණය කර ගනිමින් අප රටට මහඟු හා විශිෂ්ඨ සේවාවක් ලබා දීමට අඛණ්ඩව දායක වී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post