News Line| Off Air| Games
Generic placeholder image

Jan
21

මතකයන් අතර තනිවුණු සෙනාලි

360 Views


මතකයන් අතර තනිවුණු සෙනාලි

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්.

ටික කලකට ඉහතදී ඇගේ පියා මෙලොවින් සමුගත් අතර පසුගියදා ඇගේ මවද අභාවප්‍රාප්ත වුණා.

ඉතින් මව හා පියාගේ ආදර පිළිබඳ ඇය සමාජ මාධ්‍යයට සංවේදී සටහනක් එක් කර තිබුණා.

එය පහතින් බලන්න,

අම්මා යන්න ගිහින් දවස් 10ක්, තත්තා ගිහින් අවුරුදු 4ක්, එත් මට තාමත් එයාලා මගේ ලග වගේ… පහු ගිය දවස් 7 ගොඩක් අය මගේ ලගින් හිටියා, මගේ දුක බෙදාගත්‍තා, අම්මට නිවන් සුව පැතුවා, මං අසරන වෙලා ඉන්නකොට මට වචනෙකින් හරි හයියක් උනා… අම්මාගේ මලගෙදර, බනගෙදර, දානේගෙදර ඇවිත් ගොඩාක් දෙනා මාත් එක්ක හිටියා, මොහොතකට හරි පරන මතකයන් වලින් මගේ මූනට හීනාවක් ගෙන්න උත්සහ ගත්තා, හිතට හයියක් දුන්නා… ඒ මං මූනූ දන්න, නොදන්න, වචනයකින්, සිතුවිල්ලකින් මගේ දුක බෙදාගත්ත ඕගොල්ලෝ හැමෝටම පිං

ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්, මේ අවුරුදු ගානට පාඩම් ගොඩාක්… දවස් 7කින් පස්සේ තනි උනාම එක ගොඩාක් දැනෙනවා, හැබැයි දැන් මට තියෙන්නේ එකම ඉලක්කයයි… අම්මයි තාත්තයි මාව දකින්න අසාවුනූ, ඒගොල්ලන්ගේ හීන කැප කරලා මාව ගෙනියන්න හදපු තැනට කොහොමහරි යන එක… ජිවිතේ ඉදිරියට කරන්න දෙවල් බොහොමයි, යා යුතු මග දුරයි, හැබැයි මං දන්නවා මගේ අම්මයි තාත්තයි එදා වගේම අදත් මේ ගමනේදී මගේ ලගින් ඉන්නවා කියලා


News Articles
Latest Videos
Most Popular Post