News Line| Off Air
Generic placeholder image

Apr
29

පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ මෙහෙවරට ජනාධිපතිවරයාගේ ප්‍රණාමය

32 Views


පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ මෙහෙවරට ජනාධිපතිවරයාගේ ප්‍රණාමය

දින 07ක් පුරා මෙරට පැවැත්වුණු “ඒහි පස්සිකෝ” සාම පාගමනේ සාර්ථක සමාප්තියෙන් පසු, පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණා. එහිදී එම වැඩසටහන සඳහා ලබා දුන් රාජ්‍ය අනුග්‍රහය, ටෙක්සාස්හි “ධම්මචේතිය” ව්‍යාපෘතියට ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ප්‍රදානය කිරීම සහ ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමට අවසර දීම පිළිබඳව උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළා. එමෙන්ම “ආලෝකා” ඇතුළු සතුන්ට දැක්වූ කරුණාව මෙන්ම ආරක්ෂක අංශ හා වෛද්‍ය කණ්ඩායම් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන් දැක්වූ ඉහළ සත්කාරකත්වයද මෙහිදී ඇගයීමට ලක් වුණා. ලෝක සාමය වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ දක්වන කැපවීම අගය කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සාමයේ සහ මනුෂ්‍යත්වයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ඔසවා තැබීම තම අරමුණ බව අවධාරණය කළ අතර, මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post