News Line| Off Air
Generic placeholder image

Apr
30

කම්කරු දින සැමරුම් හේතුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

41 Views


කම්කරු දින සැමරුම් හේතුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට දිනට (මැයි 01) යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සහ දිවයින පුරා සංවිධානය කර ඇති දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති මැයි දින රැලි, පෙළපාලි සහ උත්සව සඳහා විශේෂ ආරක්ෂක මෙන්ම රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දී තිබෙනවා. මෙම සැමරුම් උත්සව සාමකාමීව පවත්වාගෙන යාමට සහ මහජනතාවට සිදුවන අපහසුතා අවම කරමින් විධිමත් රථවාහන ගමනාගමනයක් තහවුරු කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයිනේ සියලුම පොලිස් ස්ථාන සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර ඇති අතර, කොළඹ නගරයේ පවත්වනු ලබන ප්‍රධාන පෙළපාලි සහ රැස්වීම් සඳහා විශේෂිත මාර්ග සැලසුම්ද මේ වන විට සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post