News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
2

දැන් WhatsApp යන්න Phone Number එක ඕනෙම නැහැ – මෙන්න Meta සමාගමෙන් ආපු අලුත්ම Feature එක

35 Views


දැන් WhatsApp යන්න Phone Number එක ඕනෙම නැහැ – මෙන්න Meta සමාගමෙන් ආපු අලුත්ම Feature එක

මෙතෙක් කල් WhatsApp හරහා වෙනත් අයෙකු හා සම්බන්ධ වීමට පෞද්ගලික දුරකථන අංකය හුවමාරු කර ගැනීම අනිවාර්ය වුවද, Telegram ඇතුළු අනෙකුත් යෙදවුම් මෙන් “Usernames” විශේෂාංගය හඳුන්වා දීමට Meta සමාගම පියවර ගෙන තිබෙනවා . ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පරිශීලකයන්ට තම යෙදවුම (App) යාවත්කාලීන (Update) කිරීමෙන් මෙම පහසුකම ලබාගත හැකි අතර, මෙහිදී එක් අයෙකුට ලබාගත හැක්කේ වෙනත් අයෙකුට භාවිත කළ නොහැකි අනන්‍ය (Unique) නමකිනුයි. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ Meta සමාගම විසින් මෙම පහසුකම නිල වශයෙන් සක්‍රීය කිරීමට නියමිත බැවින්, තමන්ට අවශ්‍ය Username එක ඉක්මනින් වෙන් කරවා ගත (Reserve) යුතු වේ.

මේ සඳහා WhatsApp හි Settings -> Account -> Username වෙත ගොස් “Create Username” මඟින් තමන්ට අවශ්‍ය නම තහවුරු කරගත හැකි අතර, අවශ්‍ය නම් Facebook හෝ Instagram හි දැනට භාවිත කරන Username එකම වෙන් කරවා ගැනීමේ හැකියාවද පවතියි. මෙමඟින් ඉදිරියේදී නාඳුනන පුද්ගලයන්, ව්‍යාපාරික කටයුතු හෝ පොදු WhatsApp කණ්ඩායම් (Groups) සමඟ සම්බන්ධ වීමේදී තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය ලබාදීමට අවශ්‍ය නොවන අතර, Username එක පමණක් භාවිත කරමින් ආරක්ෂිතව පණිවිඩ සහ ඇමතුම් ලබාගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post