News Line| Off Air| Games
Generic placeholder image

Sep
29

ඉන්දුනීසියාවේ සුනාමියෙන් මියගිය ගණන තවත් ඉහළට. – Photo

1067 Views


ඉන්දුනීසියාවේ සුනාමියෙන් මියගිය ගණන තවත් ඉහළට. – Photo

ඉන්දුනීසියාවේ සුලාවිසි දුපත ආසන්නයේ ඊයේ (28) රිච්ටර් ඒකක 7.5ක ප්‍රභල භූකම්පනය සිදුවුණා. මේ නිසා ඇති වුන සුනාමි තත්ත්වය නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 384 ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. එරට ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ පුද්ගලයින් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙම සුනාමි තත්ත්වයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ පාලු දුපතට. එම දුපතට ඇතිවූ සුනාමි රළ පහර අඩි 10 ක් පමණ උස්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය පුද්ගලයින් ගෙන් වැඩි පිරිසකගේ මළ සිරුරු වෙරළ ආසන්නයෙන් හමු වෙලා තියෙනවා. එම සංඛ්‍යා තවත් වැඩිවිය හැකි බවයි එරට බළධාරීන් සදහන් කරන්නේ.

සුනාමි රළ පහරින් දිවි ගලවා ගැනීමට ඇතැම් පුද්ගලයින් අඩි 18ක් පමණ උස්වූ ගස් මතට නැග සිටි බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post