News Line| Off Air| Games
Generic placeholder image

Jul
5

අර්ජුන් ඇලොසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 19 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

363 Views


අර්ජුන් ඇලොසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 19 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 19 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කලා. ඒ ඔවුන් අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

එහිදී මහේස්ත‍්‍රාත්වරයා විසින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් 8 දෙනෙකුට සහ අර්ජුන් ඇලෝසියස්ගේ පියාට අධිකරණයේ නිසි අවසරයකින් තොරව විදෙස් ගත වීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කලා.

මේ අතර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පර්පෙචුවල් ට‍්‍රෂෙරීස් සමාගමට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් 2015 ජනවාරි 31 වන දා සිට 2016 සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය තුළ රුපියල් මිලියන 1 134 ක චෙක්පත් 2 487 ක් නිකුත් කර ඇති බව අද අධිකරණයේදී අනාවරණ වුනා.

අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ, ඇතැම් චෙක්පත් මූල්‍ය නීති උල්ලංඝනය කරමින් නිකුත් කර ඇති බැවින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ චෝදනා ගොනු කළ හැකි බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර විසින් රිය අනතුරක් සිදු කර නිවසකට අලාභ හානි සිදු කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ නඩුව ලබන 24 වැනිදා නැවත කැඳවීමට අධිකරණය නියෝග කලා.

ඒ අදාළ නඩුව හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රත් මංජුල තිලකරත්න මහතා හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

හලාවත,බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේදී පසුගිය ජූනි මස 06 වනදා මෙම රිය අනතුර සිදු වුණා.

එහිදී අදාළ කැබ් රථය පැදවූ බව කියන යශෝධ රංගේබණ්ඩාර තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මාරු කර යැවුනේ කොළඹ ජාතික රෝහලටයි.

පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා නියෝග කලේ.

කෙසේ වෙතත් පසුගිය 14 වනදා රුපියල් 50,000 ක ශරීර ඇප මත යශෝධ රංගේබණ්ඩාර මහතා මුදා හැරුනා.

මේ අතර වළල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරාල අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලූආරච්චි මහතා විසින්.

සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සදහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එලෙස වරෙන්තු නිකුත් කල බවයි

නීතිවිරෝධී ලෙස පස් ප‍්‍රවාහනය සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් උදේනි අතුකෝරාලට එරෙහිව එම නඩවු පවරනු ලැබුවේ අල්ලස් හා ¥ෂණ විමර්ෂණ කොමිසම මගින්.

මේ අතර අධිකරණ කටයුතු ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියගෙන් කරුණු විමසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post