News Line| Off Air| Games
Generic placeholder image

Sep
8

73ක වයසැති ඉන්දීය මවක් දරුවන් දෙදෙනෙකු බිහි කරයි

1625 Views


73ක වයසැති ඉන්දීය මවක් දරුවන් දෙදෙනෙකු බිහි කරයි

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ජීවත් වන අවුරුදු 73ක් වන කාන්තාවක් බිළිඳියන් දෙදෙනෙකු ප්‍රසූත කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. පියාට අවුරුදු 82 වන බව පැවසෙන අතර මන්ගායම්මා යාරාමතී වන මව සහ 82 හැවිරිදි සීතාරාමා රාජාරාඕ විවාහ වූ දිනයේ සිටම දරුවන් බලාපොරොත්තුවෙන් සිටියත් එම දරු පල සිහිනය සැබෑ කර ගැනීමට හැකිව ඇත්තේ වයස් ගත වීමෙන් පසුවයි. කෙසේ වෙතත් මෙම බිලිදන් සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව වෛද්‍යවරුන් පවසනවා.

එමෙන්ම මෙම පුවතින් තමන් බලවත් ප්‍රීතියට පත් දරුවන්ගේ පියා වන රාජාරාඕ පසුදින හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙන බවද මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post