ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. “එක්ව නැගිටිමු ” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 75 වන නිදහස් දින […]
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට මෙල්බර්න්හි දී පැවැත්වෙන අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගැනිමට සමත් වුණා.
ගෝල්ෆේස් පිටියේ ඊයේ පැවති අරගල සැමරුම අවස්ථාවේ අත්අඩංගුවට ගත් සිව්දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට ගත් බව කියන පාසල් සිසුවෙකු ඊයේ පස්වරුවේම ඇප මත මුදා හැර තිබෙනවා. මේ අතර උද්ඝෝෂණ වලට තම දරුවන් සහභාගී කරවා ගැනීමෙන් වළකින ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය ඉල්ලීමක් කරනවා. අරගලය අතරතුර රෝහල් ගත කරන […]
යුක්‍රේන ජනාධිපති සෙලන්ස්ටි ඔස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය අමතා තිබෙනවා. ලෝවි ආයතනය යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම චින්තන මධ්‍යස්ථානයයි. මෙහිදී සෙලන්ස්කි පවසා ඇත්තේ යුක්‍රේනය සම්බන්ධයෙන් ලෝක ප්‍රතිචාරය දුර්වල නම් රුසියාව තවත් ඉදිරි පියවර සමඟින් ශක්තිමත් වනු ඇති බවයි. එම නිසා උපරිම ශක්තිය පෙන්වන ලෙස සෙලෙන්ස්කි වීඩියෝ සාකච්ඡාවේදී ඉල්ලා සිටියා. මෙය ලෝක යුද්ධයක් සඳහා කැඳවීමක් බවයි ක්‍රෙම්ලිනය චෝදනා කරන්නේ. රුසියානු […]
ප්ලේන්ටියක මිල රුපියල් 30 දක්වාත් කිරි තේ එකක මිල රුපියල් 100 දක්වාත් අඩුකිරීමට පියවර ගත් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.
අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කර තිබෙන්නේ. ඒ අනුව අද (සිට) විදුලි සංදේශ සහ Pay TV සේවා සඳහා අදාළ ගාස්තු සංශෝධනය වනු ඇති.
මිල සූත්‍රයට අනුව ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල අඩු කෙරෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් නිවේදනය කරයි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 7 වන මාසයයි. මේ වන විට කතාබහට ලක්වී ඇති ප්‍රධානම මාතෘකාව වන්නේ නොර්ඩි ස්ට්‍රීම් ගෑස් නළ පද්ධතියේ කන්දුවයි. පසුගියදා බෝල්ටික් මුහුදේ ඇති නොර්ඩි ස්ට්‍රීම් ගෑස් නළ මාර්ගයේ ගෑස් කාන්දුවක් සිදුවුණා. රුසියාව පවසන්නේ මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවයි. රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවයද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා […]
ලෝක සංචාරක දිනය අදට (27) යෙදි තිබේ. මෙවර සංචාරක දිනයට සමගාමීව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. ”ලෝක සංචාරක දිනය” මෙවර තේමාව “Rethinking Tourism “ යන්නයි. මෙහි ප්‍රධාන උත්සවය Habarana Village by Cinnamon පරිශ්‍ර යේ දී පැවැත්වේ. කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තය පසුබැමකට ලක් විය.පැවැති ලෝක Covid වසංගත තත්ත්වය පහව යන අතරේ ශ්‍රී ලංකාවේ […]
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. අද (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහ පිලිපීනයේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එම සංචාර සිදුකරන බව සඳහන්ය.
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
දිවයින පුරා බෙදා හැර ඇති ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් අඩංගු වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පසුගිය දිනෙක අනාවරණය කළා. ඒ අනුව ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි රජයේ වෛද්‍ය සංගමය හා පවුල් සෞඛ්‍ය සේවා සංගමය ද ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මෙම චෝදනාව […]