News Line| Off Air| Games
Generic placeholder image

Jul
10

බැන බැනම උදේ හවස ගමන් යන දුම්රියේ කතාව

Generic placeholder image

මෙරට පළමු දුම්රිය ධාවනය කර ඇත්තේ කොළඹ සිට අඹේපුස්ස දක්වායි. ඒ 1864 දෙසැම්බර් 27 වනදා යි. එදා ආරම්භ වූ දුම්රිය ගමන අද වන විට මෙරට ප්‍රධානතම මගී ප්‍රවාහනය සේම භාණ්ඩ ප්‍රවාහනය බවට පත්ව තිබෙනවා. අපේ රටේ මගී ප්‍රවාහනයේදී අදටත් බරක් දරන්නේ දුම්රිය සේවයයි. දවසකට මගින් ලක්ෂ 4ට ආසන්න ප්‍රමාණයක් දුම්රියේ ගමන් ගන්නවා. ඒ වගේම දවසකට […]


Jul
7

සාමදාන විනිශ්චයකාරවරුන් ගැන ගැසට් නිවේදනයක්

Generic placeholder image

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.


Jul
7

මහ පොළොවේදීම දිව්‍යලෝකය දුටුවෙමි – මේක අහල බලමුද?

Generic placeholder image

සමහර රෝගීන් දරාගන්න බැරි වේදනාව නිසාම සියදිවි හානිකරගන්නා අවස්ථා අප අසා තිබෙනවා. දැක තිබෙනවා. සුවපත් කරන්න බැරි රෝගී තත්ත්වයන් නිසාම සමහරුන් දහදුක් විදිනවා. අතට අහු වෙන වේදනා නාශක බොනවා. හැබැයි ජීවිතේ අන්තිම මොහොතත් විදවන්නේ නැතුව ගතකරන්න පුළුවන් තැනක් අපේ රටේ තියනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?


Jul
6

මහ බැංකුව පොලී අනුපාත අඩුකරයි

Generic placeholder image

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි ‍ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. ඊයේ (05) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇත. මේ අතර මැයි […]


Jul
6

දකුණු අප්‍රිකාවේ ගෑස් කාන්දුවක් – 16ක් මරුට

Generic placeholder image

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ සිදුවු ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අත්හැර දමා තිබු පතලක කැනීම් සිදුකිරීමේ දී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


Jul
5

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන්නැයි දැනුම් දී ඇත. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70 දක්වා වැඩි විය හැකි අතර මුහුදු රළ […]


Jul
5

දිනෙන් දින අපට අහිමි වන පාරම්පරික උළු කර්මාන්තය

Generic placeholder image

ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමත් සමඟ උළු කැටයත් බිම වැටුණා. වහල සෙවිලි කරන්න බොහෝ ක්‍රම අද රට ඇතුලේ තියෙනවා. ඒ නිසාම අපේ පාරම්පරික උළු කර්මාන්තයට දැන් කණකොක හඬන්න පටන් අරන්.


Jul
5

වටගොඩ සහ තලවකැලේ අතර දුම්රිය පීලිපැනීමක්

Generic placeholder image

වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී සඳහන් කළේ, දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව ඇති බවය. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු කොටගල දක්වා සීමාකර ඇති බවයි වාර්තා […]


Jul
5

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

Generic placeholder image

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව […]


Jul
4

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Generic placeholder image

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 2,982 යි. කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,198යි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක […]


Jun
29

රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

Generic placeholder image

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම කාලය අතර නිකුත් කර තාවකාලික රියදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


Jun
29

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් ගොඩගනී – මිනිස් අස්ථි කොටස් ඇති බවට අනුමානයක් (ඡායාරූප)

Generic placeholder image

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් ගොඩබිමට රැගෙන ආ බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසනවා. එම කොටස් කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ඩ් වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ. එම සුන්බුන් අතර මියගිය අයගේ ජෛව සාම්පල කොටස් ඇති බවට අනුමාන කෙරෙන බව පර්යේෂකයින් පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විධිමත් විශ්ලේෂණයක් ඉදිරියේදී අමෙරිකානු වෛද්‍ය පර්යේෂකයින් සිදුකරන බව අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ටයිටන් සබ්මැරීනයේ […]


News Articles
Latest Videos
Most Popular Post