News Line| Off Air| Games
Generic placeholder image

Jun
7

අද මි.මි.100 ඉක්මවූ තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 100ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන […]


May
31

ලෝක දුම්කොළ විරෝධී දිනය අදයි

Generic placeholder image

ලෝක දුම්කොළ විරෝධී දිනය අදයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මැයි මස 31 වනදා ලෝක දුම්කොළ නිවාරණ දිනය ලෙස නම්කර ඇත. 2022 වසර සදහා ලෝක දුම්කොළ නිවාරණ දිනයෙහි තේමාව වනුයේ දුම්කොළ අපගේ පරිසරයට තර්ජනයකි යන්නයි. දුම්කොළ ලොව පුරා රෝගාබාධ හා මරණ සදහා වැදගත් හේතුවක් වන අතර බෝ නොවන රෝග වර්ධනය සදහා ප්‍රධාන අවධානම් සාධකයකි. […]


May
16

විද්‍යුත් වාහන ගැන කැබිනට් තීරණයක්

Generic placeholder image

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇත.


May
16

මොඛා සුළි කුණාටුව බංග්ලාදේශයට සහ මියන්මාරයට

Generic placeholder image

මොඛා සුළි කුණාටුව බංග්ලාදේශයට සහ මියන්මාරයට ඇතුළු වී තිබෙනවා. 5වන කාණ්ඩය දක්වා වර්ධනය වී ඇති මෙම සුළි කුණාටුවෙන් බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයට බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. එමගින් ලොව විශාලතම සරණගත කඳවුරේ නිවාස සිය ගණනක් විනාශ වී ඇතිබවද විදෙස් මධ්‍යයේ සඳහන්. මියන්මාරයේ අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර […]


May
16

දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් වෙයි

Generic placeholder image

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 1903 වර්ෂයේ දී ජෝන් ද සිල්වා ශූරින් විසින් රචනා කර ඇති විශ්වනාත් ලව්ජි විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නාට්‍යයේ ඇතුළත් මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන මෙම තීරණය ඇත.


May
16

තායිලන්තයේ නේවාසිකාගාරයක ගින්නක් – 6ක් මරුට

Generic placeholder image

තායිලන්තයේ නේවාසිකාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා. ඉන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ දෙනෙකු බේරාගෙන ඇති නමුත් තවත් බොහෝ දෙනෙකුගේ තොරතුරු අනාවරණය වී නැති බවයි වාර්තා වන්නේ. නවසිලන්ත අගමැති අනතුරු අඟවා ඇත්තේ මිය ගිය සංඛ්‍යාව තවත් ඉහල යා හැකි බවයි. මහල් 4කින් යුත් ගොඩනැගිල්ලේ හතරවන තට්ටුව තුළ ගින්න හටගෙන තිබෙනවා. ගින්න නිවාදැමීම සඳහා […]


May
15

ජපානයේ භූකම්පනයක්

Generic placeholder image

ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වානවා. රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය. පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.


May
15

ලුණු නැතුව බැරිද ?

Generic placeholder image

සමහරුන්ට ලුණු කියන්නෙ ඇබ්බැහියක්. ඉතින් ඇතුවත් බැරි නැතුවත් බැරි කෑමක් තමයි ලුණු. පමණට වඩා ගත්තොත් ලුණු කියන්නෙ මරණයට හේතුවක්. අධික රුධිර පීඩනය, අස්ථි රෝග, හදවත් රෝග, ආමාශගත පිළිකා,වකුගඩු රෝග, ආඝාතය, ඇදුම, ඔස්ටියෝපොරෝසිස් වගේ රෝගාබාධ ඇති වෙන්නෙ ලුණු නිසා. අපි කොච්චර ලුණු අඩුවෙන් කන්න හැදුවත් අපේ ආහාර ක්‍රමවේදය ඊට ඉඩ දෙනවද ?කරවල කල් තියාගන්න, නිර්දේශිත ප්‍රමාණයටත් […]


May
11

පාකිස්ථානයේ විරෝධතාවලින් පුද්ගලයින් 8ක් මරුට

Generic placeholder image

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන්ඛාන්ව අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන්පසු රටපුරා විරෝධතා ආරම්භ වුණා. එම විරෝධතාවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් දහසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එරට ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. පාකිස්ථානයේ අගමැති ප්‍රචණ්ඩත්වයට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළා.


May
11

නතර වෙනවද හුස්ම, නින්දෙදි ?

Generic placeholder image

පැය 06ක 07ක නින්ද කියන්නෙ අපේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක්. ඒත් නින්දට බාධා කරන රෝගාබාධත් තියෙනවා. නින්දේදී වරින් වර හුස්ම ගැනීම නතර වීම එහෙම රෝගයක්. මැදිවියේ ඉන්න, පිරිමි තරබාරු පුද්ගලයන්ට මෙම රෝගය වැළඳීමේ හැකියාව වැඩියි. උගුරේ මේදය තැන්පත් වී උගුර පටු වීම තමයි මේකට හේතුව.මේ නිසා නින්දේදී වරින් වර අවදි වීම සිදු වෙනවා. මේ අය නින්දේදි […]


May
9

ජපන් ශ්‍රී ලංකා ක්‍රිකට් මිතුදම සවිමත් කිරීමට නව සන්නාම තානාපතිවරයෙක්

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති මිතුදම ශක්තිමත් කිරීමේ තවත් ඉදිරි පියවරක් තබා තිබෙනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩාවද එයට එක්කර ගනිමින්. ශ්‍රී ලංකා නැගී එන යොවුන් ක්‍රිකට් කණ්ඩායමක් ජපානය බලා ඊයේ (08) පිටත්ව ගියේ දෙරට අතර මිතුදම සහ ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්දනය කිරීමේ අරමුණින් යුතුවයි. ශ්‍රී ලංකා නැගීඑන යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ ජපානය බලා පිටත්ව යාමට […]


May
8

සුළි කුණාටුවක් ගැන දැනුම්දීමක්

Generic placeholder image

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (08) පස්වරු 3 දක්වා බලපැවැත්වේ. මේ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැලඹිලි ස්වභාවය වර්ධනය වී ඇත. එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි […]


News Articles
Latest Videos
Most Popular Post