News Line| Off Air| Games
Generic placeholder image

Feb
21

මාලි රාජ්‍යයේ සේවය කරමින් සිටි යුධ හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

මාලි රාජ්‍යයේ හතරවන සංග්‍රාමික ආරක්ෂක සේවය කරමින් සිටි ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරියෙකු පසුගිය එකොළොස් වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙනුයි. මෙම නිලධාරියා වසර දාහතරක සේවා කාලයක් සම්පූර්ණ කළ අනුරාධපුර පදිංචි දෙදරු පියෙක්. මාලිදේශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී ඩැනියෙලාගේ ප්‍රධානත්වයෙන් එරටදී ඔහුගේ දේහයට අවසන් ගෞරව ලබා දී තිබුණා. එළඹෙන විසි දෙවන […]


Feb
21

සුනඛයන් යටකර පළාගිය කාන්තාව අත්අඩංගුවට

Generic placeholder image

කුඩා සුනඛයින් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුව මතුරට පොලීසිය විසින් අදාළ මෝටර් රථය පැදවූ බවට පැවසෙන කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප […]


Feb
20

ප්‍රතිශක්තිය ඉහළ දමන ආයුර්වේද කැඳ වර්ග

Generic placeholder image

බාල, තරුණ, වැඩිහිටි, මහලු මෙන්ම, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණදායකයි. වර්තමානයේ සමාජයේ බොහෝ දෙනෙකු ගොදුරුව සිටින බෝ නොවන රෝග නිසාම වස විසෙන් තොර ආහාර රටාවකට හුරුවීම අත්‍යවශ්‍ය වී ඇත. සාමාන්‍යයෙන් මෙම සහල් වර්ග මිල අධික වීම නිසා ප්‍රධාන ආහාරවේලට භාවිත නොකළත්, උදෑසන තේ හෝ පිටිකිරි වර්ග පානය වෙනුවට මේ දේශීය […]


Feb
17

සිරුරේ බර අඩු කරන ආහාර වර්ග

Generic placeholder image

ශරීරයේ අනවශ්‍ය බර නිසා පීඩා විඳින ඔබ ආහාර පාලනය කිරීමට වගේම ව්‍යායාම කිරීමටත් ගොඩක් උනන්දු වෙනවා. ඔබේ ආහාරයට එකතු කරගත හැකි ඉක්මනින් කෙට්ටු වෙන ආහාර වර්ග ගැනයි අප ඔබව දැනුවත් කරන්නේ. ඕට්ස් ඕට්ස් කෝප්ප එකකින් බිත්තරයකින් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණයට සමාන ප්‍රෝටීන් ප්‍රමාණයක් ශරීරයට ලැබෙන බව පර්‍යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඕට්ස් ආහාරයට ගැනීම මගින් ඔබට නැවත […]


Feb
16

තුර්කි භූ කම්පනයෙන් පසු බෝවන රෝග ඉහළ යාමේ අවදානමක්

Generic placeholder image

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 41,000 ඉක්මවා තිබෙනවා. භූ කම්පනය සිදුවී පැය 200 ඉක්මවූවද තවමත් සුන් බුන් අතරින් පුද්ගලයින් හමුවන බව විදෙස් මධ්‍යයේ සඳහන්. කෙසේ වෙතත් ගලවා ගැනීමේ මෙහෙයුම් සිරියාවේ වයඹ දෙසින් අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ඇතිවූ භූ කම්පනයත් සමඟ විපතට පත්වූ පිරිස් අතර රෝග බෝ වීමේ අවධානම් තත්වයක් පවතින බව […]


Feb
16

අද සිට විදුලි කප්පාදුවක් නෑ

Generic placeholder image

අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවයි.


Feb
16

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද

Generic placeholder image

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වෙයි. තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු 6.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.


Feb
15

යුක්‍රේන රුසියා යුධ ගැටුම වසරකට ආසන්නයි

Generic placeholder image

රුසියාව යුක්‍රේනයට අඛණ්ඩව පහර දෙමින් සිටිනවා. රුසියාව යුක්‍රේනයේ බක්මුට් වෙත දරුණු ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ. බක්මුට්හි සිවිල් වැසියන් 70,000 ක් පමණ වාසය කළ අතර මේ වන විට සිවිල් වැසියන් 12,000 ක් පමණ එහි සිටින බවයි බලධාරීන් පවසන්නේ. දෙරට අතර යුධ ගැටුම ආරම්භ වී දැන් අවුරුද්දකටත් ආසන්නයි. යුක්‍රේනයේ දහස් ගණනක් දරුවන්ට දෙමව්පියන්ද, දෙමව්පියන්ට දරුවන්ද […]


Feb
15

ස්වභාවිකව ම කොලෙස්ටරෝල් පාලනය කරගන්නේ කොහොමද?

Generic placeholder image

සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීම සඳහා වයස අවුරුදු 25 වන විට කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සිදු කළ යුතු බව පර්යේෂකයින් කණ්ඩායමක් පෙන්වා දී තිබෙනවා. පර්යේෂකයින් පවසන්නේ, හෘද රෝග හා ආඝාතයට ගොදුරු වීමෙන් ඇති වන ජීවිත අවදානම ගණනය කිරීම සඳහා එලෙස කොලෙස්ටරෝල් පරීක්ෂා කිරීම වැදගත් වන බවය. කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනාගේ ජීවන රටාවන්, ආහාර රටාවන්, පවුල් […]


Feb
15

අද විදුලි කප්පාදුව මෙහෙමයි

Generic placeholder image

අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. අද දිනයේදීත් පැය 02 ක් සහ විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.


Feb
15

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත්ගාල්ලසහමාතරදිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.


Feb
14

වැලන්ටයින් දිනය අදයි

Generic placeholder image

කියමනක් තියෙනවා ආදරය අන්ධයි කියලා. හැබැයි හැම ආදරයක්ම එහෙමයි කියලා අපිට කියන්න බැහැ. ආදරය කියන අකුරු හතරට නිශ්චිත වූ නිර්වචනයක් මේ ලෝකේ නැහැ. ආදරේ නැති තැන ඇත්තටම ජීවිතයක් නැහැ. ජීවය නැති තැන ලෝකෙකුත් නැහැ. ඒ කියන්නෙම මේ ලෝකෙ පවතින්නේ ආදරයත් එක්ක. අද ආදරවන්තයින්ගේ දිනය. ඇත්තටම වාණිජකරණය වූ මේ ලෝකයේ ආදරය කියන අකුරු හතරම දැන් සිල්ලර […]


News Articles
Latest Videos
Most Popular Post