විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. අද (17) සිට බලපැවැත්වෙන පරිදි එම ගාස්තුව සංශෝධනය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී මෙතෙක් අයකරනු ලැබු රුපියල් 15,000ක ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ දමා තිබේ. සාමාන්‍ය සේවය යටතේ විදේශ […]
අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
අද (16) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම […]
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 263 වන දිනයයි.’ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ඊයේ දින කේසන්හි සංචාරයක නිරත වී තිබෙනවා. එහිදී සෙලෙන්ස්කිට කේසන් වැසියන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්. සෙලෙන්ස්කි මෙහිදී පැවසුවේ කේසන් වෙතින් රුසියානු හමුදාව ඉවත්වීම මෙම යුද්ධයේ අවසානයේ ඇරඹුම බවයි. සෙලෙන්ස්කි කේසන් වෙත පැමිණීමෙන් පසු ඊට ආසන්න ප්‍රදේශවලින් ෂෙල් වෙඩි ප්‍රහාර ඇසුණු බව යුක්‍රේනය පවසනවා. එසේම […]
ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ පිලිපීනයේ මැනිලා නුවර බිළිඳියක් බිලියන අටවැන්නා ලෙස උපත ලැබීමත් සමගය. ඔවුන් පවසන්නේ ලෝක ජනගහනය බිලියන 07 සිට 08 දක්වා ළඟාවීමට වසර 11ක් ගතවී තිබුණි.
ජී 20 රාජ්‍ය නායක සමුළුව අද (15) ඉන්දුනීසියාවේ බාලි දූපත්හි ආරම්භ විය. සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පළමු වරට විශේෂ හමුවක් පවත්වා තිබෙනවා. එය ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමු වූ පළමු අවස්තාව විය. එහිදී දෙපාර්ශවය අතර කරුණු කිහිපයක් සඳහා එකඟතාවයට පැමිණි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ […]
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 262 වන දිනයයි. යුක්‍රේනයේ නැගෙනහිර ඩොනෙට්ස්ක් ප්‍රදේශය මේ වන විට අපායක මුහුණුවරක් ගෙන ඇති බව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසනවා. මේ අතර රුසියානු ජනපති වැලැදිමීර් පුටින් ඉරානය සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. පුටින් ඉරාන ජනාධිපති Ebrahim Raisi සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. එහිදී යුද්ධය අතරතුර ආර්ථික, […]
නවගත්තේගම පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි පුද්ගලයෙකුට අකුණු සැර වැදී මියගොස් තිබේ. එමෙන්ම එම ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට ද අකුණු සැර වැදී තිබුණු අතර ඔවුන් ගල්ගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. මියගිය පුද්ගලයා තම බිරිඳ සහ තවත් කාත්තාවක් සමග ඊයේ (13) සවස් කාලයේ කුඹුරේ බිම් සකස් කරමින් සිටිය දී මෙලෙස […]