News Line| Off Air| Games
Generic placeholder image

Oct
18

නෙළුම් කුළුණ විවෘතව තබන වේලාවන් සංශෝධනය වෙයි

Generic placeholder image

නෙළුම් කුළුණ පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන් යළිත් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරන අතර එම දිනවල උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බවයි කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන සමාගම සඳහන් කළේ. එසේම සෙනසුරාදා සහ ඉරිදා […]


Oct
18

අන්තරේ අද කොළඹට

Generic placeholder image

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව ඇත. අද (18) දහවල් 12.00 ට කැළණිය විශ්වවිද්‍යාලය අසළින් අදාළ විරෝධතාව ආරම්භ කරන බවයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ.


Oct
18

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Generic placeholder image

2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිතයි. මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සදහා පසුගියදා (07) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය විය. පාර්ලිමේන්තුව අද (18) සිට 21 වැනිදා දක්වා රැස්වන අතර මෙම සෑම දිනකම පෙ.ව […]


Oct
18

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

අද (18) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඇත. ​ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදුවේ.


Oct
18

අද මි.මී.100 ඉක්මවූ තද වැසි

Generic placeholder image

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර මාතර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක් තද වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ […]


Oct
14

ජාතික හැඳුනුම්පත් ගාස්තු සංශෝධනයක්

Generic placeholder image

ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට අදාළව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.


Oct
14

වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවෙයි

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.


Oct
14

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Generic placeholder image

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (15) ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. හෙට (15) රාත්‍රී 10 සිට ඉරිදා (16) පෙරවරු 10 දක්වා පැය 12ක කාලයක් කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.


Oct
14

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.


Oct
14

පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

Generic placeholder image

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී. එබැවින් දිවයිනේබොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතී. බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් […]


Oct
13

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 231 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 231 වන දිනයයි. රුසියාව, යුක්‍රේනයේ කොටස් නීති විරෝධී ලෙස ඈදා ගැනීමට දරන උත්සාහය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබෙනවා. එසේම, යුක්‍රේනයේ ස්වාධීනත්වය සම්බන්දයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සිය සාමාජිකයින් අතර ඡන්දයක් පැවැත් වූ බවයි වාර්තා වන්නේ. පුටින් හෙට කසකස්ථානයේදී තුර්කි ජනාධිපතිවරයාව හමුවීමට නියමිතව තිබෙනවා. එසේම යුක්‍රේනන විදේශ අමාත්‍යවරයා, නෙදර්ලන්ත […]


Oct
13

ශ්‍රී ලංකා අයර්ලන්ත පුහුණු තරඟයට අයහපත් කාලගුණයෙන් බාධා

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට පෙර අද (13) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පුහුණු තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අත්හැර දමා ඇත.


News Articles
Latest Videos
Most Popular Post