News Line| Off Air
Generic placeholder image

Sep
1

වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් අද සහ හෙට

Generic placeholder image

වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් අද සහ හෙට ගෙවීම සදහා තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතව තැබෙන බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා සදහන් කරනවා. ඒ අනුව ඒ සදහා පැමිණෙන පුද්ගලයින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අනුගතව තැපැල් කාර්යාල වෙත පැමිණෙන ලෙස ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටිනවා.


Sep
1

සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

Generic placeholder image

සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට දිනයේ තොග වෙළදාම සදහා විවෘත කර තිබෙන බව විෂයභාර අමාත්‍යවරයා සදහන් කරනවා.


Sep
1

නිරෝධායන රීති කැඩු 625ක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

ගත වූ පැය 24 තුල නිරෝධායන රීති කැඩු 625ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා, ඒ අනුව මේ දක්වා අත් අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 62, 710 ක්.


Sep
1

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. (ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර […]


Aug
31

ලෝකෙම අහපු අපේ ජාතික ගීතයේ තත්පර 80

Generic placeholder image

ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට ගෙන ගිය අපේ වීරයා.. ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත ඊයේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා. ශ්‍රී ලාංකීය අපි ඔහු ගැන ආඩම්බරයෙන් කතා කරන මොහොතේ අපද අද ඔහු ගැන යමක් පවසන්නට හිතුවා.. මේ කතාව ඒ ගැනයි..


Aug
31

අද මේ දක්වා ආසාදිතයින් 2,340ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,340ක් අද දිනයේ හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 438,421ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
31

රුපියල තවදුරටත් පහළට

Generic placeholder image

අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ‌රුපියල් අගය 204.89 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරනවා.


Aug
31

ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව – ගුරු වෘත්තීය සමිති කියයි

Generic placeholder image

තම ඉල්ලීම් සඳහා කැබිනට් මණ්ඩලය දුන් විසඳුම් ප්‍රතික්ෂේප කරන බව ගුරු වෘත්තීය සමිති සදහන් කරනවා. එමෙන්ම ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවත් එම සමිති අවදාරණය කරනවා. මේ පිලිබ්දව් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා සදහන් කරන්නේ , “කැබිනට් මණ්ඩලය ඊයේ සම්මත කරගෙන තියෙන්නේ ගුරුවරුන්ට ලබන මාසේ සිට රුපියල් 5,000 දීමනාවක් දීමත් 2018 […]


Aug
31

දරුවන්ට වැලඳෙන MIS – C නැමැති නව රෝගී තත්ත්වයක්

Generic placeholder image

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දරුවන්ට වැළදෙන MIS – C නමැති රෝගී තත්වයක් වාර්තා වෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසන්නේ මේ රෝගී තත්වය කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන්ට සති 2-6ත් අතර කාලයෙන් පසුව වාර්තා වන බවයි පැවසෙන්නේ. මේ පිලිබදව වැඩි දුරටත් වෛද්‍යවරයා සදහන් කරන්නේ, කොරෝනා […]


Aug
31

අසාද් සාලි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ව සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.


Aug
31

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් වටලයි

Generic placeholder image

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාසය සිදු කල වැටලීමකදී. එහි තිබී රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 602ක් හා පරිගණයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ජංගම දුරකතන 03ක් STF භාරයට ගෙන තිබෙනවා.


Aug
31

ගුරු – විදුහල්පති වැටුප් වැඩි වේ

Generic placeholder image

ගුරු – විදුල්පති වැටුප් වැඩිවීම අයවැය මගින් අදියරගතව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාස සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීමට ද තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post