News Line| Off Air
Generic placeholder image

Apr
20

ඝානාවේ තෙරපීමකින් පුද්ගලයින් 80 වැඩි පිරිසක් මරුට

Generic placeholder image

යේමනයේ ඝානා අගනුවරදී සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. 322 දෙදෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. රාමදාන් උත්සවය වෙනුවෙන් ඝානාහි ජනතාව වෙත ආධාර බෙදා හැරීමේ වැඩසටහනක් අතරතුරයි මෙම තෙරපීම සිදුව ඇත්තේ. මිය ගිය අය අතර ළමුන් සහ කාන්තාවන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Apr
20

අදත් උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (20) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර හා වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මෙලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.


Apr
20

විරල දෙමුහුන් සූර්යග්‍රහණයක් අද

Generic placeholder image

අද දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04 ට ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතයි. සූර්‍යග්‍ර්හනය, වලයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වලයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන දෙකක් පමණක් පෘථිවියේ ඇත. […]


Apr
19

අධික උණුසුම තවදුරටත්

Generic placeholder image

අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය එළඹෙන මැයි මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින තත්ත්වය හමුවේ විජලනය ඇති වීමේ දැඩි ප්‍රවනතාවක් පවතිනවා. මේ නිසා සිහිසුන් වීම පවා ඇති විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. නිතර ජලය පානය කිරීම අනිවාර්යයෙන් සිදුකල යුතු බවයි විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කළේ.


Apr
19

අමෙරිකාවේ මහල් රථ ගාලක් කඩා වැටෙයි

Generic placeholder image

අමෙරිකාවේ නිව් යෝර්ක්හි මහල් කිහිපයකින් යුත් රථ ගාලක් කඩා වැටී තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


Apr
19

චීනයේ රෝහලක ගින්නක්

Generic placeholder image

චීනයේ බීජිං නගරයේ පිහිටි රෝහලක ඇතිවූ ගින්නකින් විශාල පිරිසක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස චීන බලධාරීන් නියෝග කර තිබෙනවා. එහිදී 21 දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න පැතිරෙමින් තිබු අවස්ථාවේ සමහර පුද්ගලයින් ඇඳ ඇතිරිලි භාවිතයෙන් ගොඩනැගිල්ලෙන් පිටතට පැනීමට උත්සාහ දරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.


Apr
19

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (19) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල සහ මො​ණරාගල දිස්ත්‍රික්කවලට මෙලෙස උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.


Apr
18

ගාලු මුවදොර පිටිය ගැන තීරණයක්

Generic placeholder image

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


Apr
18

ඉන්ධන කෝටාව ගැන තීරණයක්

Generic placeholder image

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ඒ බව පැවසීය.


Apr
18

බොනවද ඔයත් ?

Generic placeholder image

මේ කියන්නෙ කූල් වතුර ගැන. මේ දවස්වල තියෙන රස්නෙට නම්, කූල් වතුර නොබී පුලුවන්ද?ඒත් කූල් වතුර බොන එක හොඳ ද ?නෑ. කූල් වතුරවලින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම රුධිර වාහිනී හැකිලෙන්නත් පුලුවන්. ශරීරයේ තෙතමනය අඩු වෙලා පිපාසය වැඩි වෙන්නත් පුළුවන්. ආහාර ජීරණයට බාධා කරන මේ කූල් […]


Apr
18

අප්‍රේල් 20 දෙමුහුන් සූර්යග්‍රහණයක්

Generic placeholder image

2023 අප්‍රේල් 20 වැනි දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04 ට ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතයි. සූර්‍යග්‍ර්හනය, වලයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වලයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන දෙකක් […]


Apr
4

නාසා ආයතනය සඳ වෙත ගමන් කරන ගගනගාමීන් නම් කරයි

Generic placeholder image

අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියක් වන නාසා ආයතනය වසර 50කට පසු සඳ වෙත ගමන් කරන ගගනගාමීන් සිව් දෙනා නම් කර තිබෙනවා. මොවුන් අතරින් ක්‍රිස්ටිනා කොච් සඳ මෙහෙයුමකට අනුයුක්ත කළ පළමු ගගනගාමීවරිය වන අතර වික්ටර් ග්ලෝවර් පළමු කළු ගගනගාමියායි. මොවුන් ලබන අවසරේ අග භාගයේදී හෝ 2025 වර්ෂයේ මුලදී සඳ වෙත ගමන් කිරීමට නියමිතයි. මෙම ගගනගාමීන් සිව්දෙනා කැප්සියුලයකින් සඳ […]


News Articles
Latest Videos
Most Popular Post