අද දිනයේ වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය හා සෞඛ්‍ය අංශ වලින් ලැබෙන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් පමණක් පස්වරුවේ තවත් ප්‍රදේශ හුදෙකලා කිරීමට සිදුවෙනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
නුවරඑළිය, හයිපොරස්ට් ප්‍රදේශයේ රාගල ප්‍රධාන මාර්ගයේ, මහතුඩුගල ආසන්නදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 15 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. අද දහවල් 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය ධාවනය කළ රියදුරාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහි ප්‍රපාතයකට පෙරළි ඇති බවයි වැඩි දුරටත් වාර්තා […]
හෙට දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක් ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින, සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන්.
චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියා. ඒ චීන ගුවන් හමුදාවට අයත් බී- 4026 දරන විශේෂ ගුවන් යානයෙන්.
සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කල අයෙක්පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුද්ධි අංශවලින් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවල දී එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර අත් අඩංගුවට ගත් තරුණයා ගම්පොල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.
නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී ඇති බව කොරෝනා රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. වාර්තා වන කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන ඉදිරියේදී එම පියවර ගනු ලබන බවයි වාර්තා වන්නේ.
ඊයේ මෙරටින් වූ නව ආසාදිතයින් ගණන 1,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අඛණ්ඩව දෙවන දිනටත්. ඒ අනුව මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛාව 1,466ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළ අතර ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 06 වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න, විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 15කු ද ඊයේ දිනයේ […]
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන් අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් පරීක්ෂාවන්ට ලක්කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. එම පරීක්ෂාවන් සිදුකරන ස්ථානයන්, දොම්පේ සමනබැද්ද පාලම, හංවැල්ල වනහාගොඩ පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, කොච්චිකඩේ තෝප්පුව පාලම, […]
මධ්‍යම, සබරගමුව,දකුණ,ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක. සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. […]
තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පුවේලී පොලිස් බල ප්‍රදේශයේ සුමේදගම්පුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ මූදෝවී ග්‍රාම නිලධාරී කොට්ඨාසය, කොවිල්අඩි ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ලිංගනගර් ග්‍රාම නිලධාරී කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එමෙන්ම […]
ඉසෙඩ් ඩී ඇළේ දිය නෑමට ගිය 05 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත් ව තිබෙනවා. එම දැරිය සිය මව හා දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙසේ අනතුරට ලක්ව ඇති අතර දැරිය ඇළේ ගසාගෙන යනවිට ප්‍රදේශවාසීන් විසින් දැරිය මුදාගෙන රෝහලට ඇතුලත් කලද දැරිය ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අද කොළඹ මාලිගාවත්ත මැද කොළඹ රෝහලේදී පළමු මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය සේවකයින්ට හට ලබා දීම ආරම්භ වුණා. එම අවස්ථාවට වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.