News Line| Off Air
Generic placeholder image

Apr
28

ඊයේ දිනය තුළ පමණක් ඉන්දියවෙන් කොවිඩ් මරණ 3306ක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනය තුළ පමණක් ඉන්දියවෙන් කොවිඩ් මරණ 3306ක් වාර්තා වී තිබෙන අතර මේ අනුව එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වී තිබෙනවා. මේ අතර එලෙස මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයකට පත් ව තිබෙන බව ද වාර්තා වෙනවා. එක් සිරුරක් පිළිස්සීමට ගත වන කාලය, පැය 6ක් ලෙස පැවසෙන […]


Apr
28

නිරෝධායන රීති කැඩුවොත් ලැබෙන දඩය මෙන්න

Generic placeholder image

නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ පමණක් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව ඉකුත් ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3,900ක්. ඒ අනුව මුහුණු ආවරණ නොපැළඳ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම නොකිරීම පිලිබදව යම් අයෙක් වැරදිකරුවෙක් වුවහොත් ඔහුට රුපියල් 10,000ක දඩයක් හා […]


Apr
28

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් Lockdown කෙරේ

Generic placeholder image

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව, වැල්ලවාය නගර සභා සීමාව, වැල්ලවාය වෙහෙරයාය සහ කොට්ටන්ගහපොකුණ, බුත්තල, රත්දලගම, අම්පාර, උහන, කුමාරිගම, මාතලේ, නාවුල, අළුගොල්ල යන ග්‍රාම නිලධාරී වසම් මෙසේ හුදකලා කෙරෙනු ඇති.


Apr
28

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 08ක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 08ක් වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ ගණන 655ක්.


Apr
28

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට සවස් වරුවේ වැසි

Generic placeholder image

මධ්‍යම, සබරගමුව,දකුණ,ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක. සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. […]


Apr
27

පවතින තත්වය හමුවේ ඉන්දීයාවේ ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් එරටින් පළායමින් සිටින බව වාර්තා වෙයි

Generic placeholder image

ඉන්දියාවේ මේ වන විට පවතින කොරෝනා අවදානම හේතුවෙන් එරට සිටින ඇතැම් ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් රටින් පළායමින් සිටින බව වාර්තා වෙනවා. මේ අතර සිය ධනය මහජනයාගේ නිරෝගිභාවය රැකගැනීම උදෙසා වියදම් කරන මිනිසුන්ද ඒ අතර සිටිනවා. සිය පෞද්ගලික වාහනය විකුණා දමා එම මුදලින් ඔක්සිජන් ටැංකි මිලදීගෙන රෝගී සිටිනා ජනතාවට හුස්ම ගැනීම සදහා උපකාර කරන […]


Apr
27

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වෙයි

Generic placeholder image

සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට ඇතුලත් මුහුණු ආවරණ හැර බුර්කාව ඇතුළු අනෙකුත් සියලු මුහුණු ආවරණ තහනම් කිරීමට ආමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව මහජන ආරක්ෂක පිළිබද රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා සදහන් කරනවා.


Apr
27

දිවයින පුරා පෙරපාසල් ද තාවකාලිකව වැසෙයි

Generic placeholder image

දිවයින පුරා පෙර-පාසල් අප්‍රේල් 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. පිරිවෙන් ද එදින තෙක් වසා දමන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරන්නේ.


Apr
27

දිවයිනේ සියලු පාසල්, උපකාරක පන්ති සහ අධ්‍යාපන ආයතන තාවකාලිකව වැසෙයි

Generic placeholder image

සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරනවා.


Apr
27

තවත් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කරයි – එම පාසල් මෙන්න

Generic placeholder image

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක පාසල් (30) දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව වසාදමා ඇති පාසල් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්


Apr
27

කොරෝනා අවදානම හේතුවෙන් අනුරාධපුරයේ පාසල් 13ක් වැසෙයි

Generic placeholder image

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළඹෙන අප්‍රේල් මස 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ පවතින කොරෝනා අවදානම හේතුවෙන්.


Apr
27

ඉන්දියාවේ මාරාන්තික නව කොවිඩ් ප්‍රභේදය ඉතාලියෙන්

Generic placeholder image

ඉන්දීය නව කොවිඩ් ප්‍රභේදය ඉතාලියෙන් හදුනාගෙන තිබෙනවා. ඉතාලියේ ජිවත් වන ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු මෙලෙස නව වෛරසයේ ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති අතර මොවුන් දෙදෙනා ඉන්දියාවේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව නැවත ඉතාලිය වෙත පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ වන විට ඉන්දීය සංචාරකයින් හට ඉතාලියට ඇතුළුවිමද තහනම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post