News Line| Off Air
Generic placeholder image

Mar
17

ඇහැළියගොඩ ප්‍රදේශයේදී රන් භාණ්ඩ අලෙවි සැලක ලක්ෂ 25 අධික රන් මාල කොල්ලයක්

Generic placeholder image

ඇහැළියගොඩ ප්‍රදේශයේදී රන් භාණ්ඩ අලෙවි සැලකින් ලක්ෂ 25 අධික රන් මාල කොල්ල කා පුද්ගලයෙක් පළා ගොස් තිබෙනවා. මේ සොරකම ඊයේ දිනයේ සිදුව ඇති අතර අදාල පුද්ගලයා මෙම රන් භාණ්ඩ වෙළෙද සැලට රන් මාල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා පැමිණ තිබෙන අතර එහිදී අදාල වෙළෙද සැලේ සේවකයෙකු විසින් ඔහුට රන් මාල තුනක් පෙන්වා තිබෙනවා. එම අවස්ථාවේදී […]


Mar
17

සිය නිවසේ උඩු මහලෙන් බිමට ඇද වැටි 56 හැවිරිදි දෙදරු පියා මරුට

Generic placeholder image

මිරිහාන ප්‍රදේශයේ පදිංචි ව සිටි වයස අවුරුදු 56 ක දෙදරු පියෙක් සිය නිවසේ උඩු මහලෙන් බිමට ඇද වැටි ජිවිතක්ෂයට පත් ව තිබෙන බව වාර්තා වෙනවා. අදාල පුද්ගලයා ඉකුත් 16 වෙනිදා අලුයම් කාලයේදී අනාරක්ෂිත පඩිපෙලකින් පහළ මාලයට පැමිණෙමින් සිටියදී මෙලස පය ලිස්සා ඇද වැටි තිබෙන බවට පොලිසිය සැක පළ කරනවා. එම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට […]


Mar
17

බැඳුම්කර වංචාව පිලිබදව නීතිපති ගත් තීරණය මෙන්න

Generic placeholder image

2016 මාර්තු 29 සහ 31 වන දිනවල සිදුවූ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. .


Mar
17

කොහුවල වාහන අලුත් වැඩියා ස්ථානයක ඊයේ රාත්‍රියේ හටගත් ගින්න පාලනය කෙරේ

Generic placeholder image

කොහුවල වාහන අලුත් වැඩියා ස්ථානයක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට ගින්න ගිනි නිවීම් ඒකකය සහ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් එක්ව පාලනය කර ඇති බව වාර්තා වෙනවා. ගින්නෙන් එම ස්ථනයේ තිබී වාහන 03 කට හානි සිදුව තිබෙනවා.


Mar
17

ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් පසුවන්නැයි පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

Generic placeholder image

ඉදිරි උත්සව සමයත් සමග ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ජනතාව මේ පිලිබදව සැලකිලිමත්ව පසුවන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා. ඒ රුපියල් 5000 සහ දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට ලද තොරතුරු මතයි. මේ අතර පෙරේදා දිනයේදී ව්‍යාජව මුද්‍රණය කරන ලද රුපියල් 5000 හොර නෝට්ටු 126ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේ […]


Mar
17

ක්‍රිකට් ලෝක ශුරයින්ට වසර 25ක් තිස්සේ නොලැබුණු තෑග්ගක් අද අගමැති ප්‍රධානත්වයෙන් ලබාදෙයි

Generic placeholder image

මීට වසර 25කට පෙර 1996 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වසර 25ක් තිස්සේ නොලැබුණු තෑග්ගක් අද අගමැති ප්‍රධානත්වයෙන් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ වසර 25ක් තිස්සේ එම ක්‍රීඩකයන්ට නොලැබුණු ඔවුන්ට හිමි රන් පදක්කම්. එම අවස්ථාවේදී ලෝක ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පදක්කම් ලබාදීමක් […]


Mar
17

අවශ්‍ය වුනොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති කියයි

Generic placeholder image

එළඹෙන උත්සවය සමය නිසා ජනතාව නිරන්තරයෙන් ගමන් බිමන් යෑම හේතුවෙන් අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ඉකුත් නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම පෙන්නුම් කල බවයි. ඒ තුලින් ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු […]


Mar
17

96 ලෝක කුසලානය දිනා අදට වසර 25ක් සපිරෙයි

Generic placeholder image

1996 වර්ෂයේ මාර්තු 17 වෙනදා දිනය ශ්‍රී ලංකික අපට අමතක නොවන දිනයක්, ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හැරයුම් ලක්ෂණයක් සනිටුවන් කල 96 ලෝක කුසලාන ජයග්‍රහණය මෙරටට හිමි කරගැනීමට සමත් වීම හේතුවෙන්. එම ලෝක කුසලාන ජයග්‍රහණයට අදට වසර 25 ක් සපිරෙනවා. 1996 වර්ෂයේ මාර්තු මස 17 වෙනි දින පාකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැත්වුණු මෙම අවසන් මහා […]


Mar
17

ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 534කි.


Mar
17

අසාද් සාලිගේ වාහනයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ උණ්ඩ කිහිපයක් හමුවෙයි

Generic placeholder image

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට භාවිත කරන උණ්ඩ කිහිපයක් අසාද් සාලි මහතා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ගමන් කරමින් සිටි මෝටර් රථයේ තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන අතර මේ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භකර ඇත. හිටපු ආණ්ඩුකාර […]


Mar
17

දිවයිනේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලට සවස් වරුවේ වැසි

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]


Mar
16

තලෙයිමන්නාරම දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටෙයි

Generic placeholder image

මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බවත් තුවාල කරුවන් මේ වන විට රෝහල් ගත කරමින් පසුවන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post