News Line| Off Air
Generic placeholder image

Mar
12

අල්ටෙයාර් බහු මහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීම අද

Generic placeholder image

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට නවමු අත් දැකීමක් එක් කරමින් ඇලවුණු ආකාරය ගංගාරාම සිමා මාලකය ඉදිරිපිට ඉදිකරන ලද අල්ටෙයාර් බහු මහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීම අද සවස් වරුවේ සිදුවන බව වාර්තා වෙනවා. සියලු පහසුකම් වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල නේවාසික හා වාණිජ ගොඩනැගිල්ලක් වනවා. අද සවස් වරුවේ මෙම ගොඩනැගිල්ල රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් […]


Mar
12

ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් වෙළෙඳපොළට

Generic placeholder image

ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා. එහි මිල ඇමරිකානු ඩොලර් දොළහකට නම් කර තිබෙන බව අ ඇමසන්’ ආයතනයේ නිල වෙබ් අඩවියේ සදහන්. සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සදහන් කරන්නේ. […]


Mar
12

රාගල වතු නිවාස පෙළක ගින්නක් හටගනී – නිවාස 16 ක් විනාශ වෙයි

Generic placeholder image

නුවරඑළිය – රාගල ප්‍රදේශයේ වතු නිවාස පෙළක අද අළුයම ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් වතු නිවාස 16 සම්පුර්ණයෙන් දැවී විනාශ වී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් එම නිවාස වල ජිවත් වුනු පුද්ගලයින් 56 දෙනෙක් අවතැන් වී ඇති බවයි වැඩි දුරටත් පැවසෙන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමති අතර සිද්ධිය පිලිබදව විමර්ශනයක් සිදු කෙරෙයි.


Mar
12

ඉන්දුනීසියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 27ක් මරුට

Generic placeholder image

ඉන්දුනීසියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකුට ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විනෝද චාරිකාවකට සහභාගී වූ පාසල් ළමුන් ඇතුළු පිරිසක් මෙලෙස ආනතුරකට ලක්ව තිබෙන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුල 70 කට අධික පිරිසක් සිට ඇති බවයි පැවසෙන්නේ.


Mar
12

ලබන 21 වෙනිදා පෘථිවිය ආසන්නයෙන් දැවැන්ත උල්කාවක් – විද්‍යාඥයින්ගෙන් අනතුරු ඇගවීමක්

Generic placeholder image

මෙම මස 21 වෙනිදා පෘථිවිය ආසන්නයෙන් දැවැන්ත උල්කාවක් ගමන් කරන බවට විද්‍යාඥයින්ගෙන් අනතුරු ඇගවීමක් සිදු කරනවා. මෙම උල්කාව පෘථිවියට ඉතාම ආසන්නව ගමන් ගන්නා හෙයින් එය අනතුරුදායක විය හැකි බවට විද්‍යාඥයින් මත පළ කරනවා. එනම් පෘථිවියට සැතපුම් මිලියන 1.5 ක් දුරින් ගමන් ගන්නා බවත් පැයට සැතපුම් 77,000 ක වේගයෙන් මෙම උල්කාව පෘථිවිය ආසන්නයෙන් ගමන් ගන්නා බවයි […]


Mar
12

දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

Generic placeholder image

මහවෙල ප්‍රදේශයේ ඇති සුදු ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වෙනවා. ඒ අතුරුදන් වු පුද්ගලයින් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන අතර මෙලෙස අතුරුදහන් ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වු පාසල් සිසුවෙක් හා අවුරුදු 26 ක තරුණයෙක්.


Mar
12

ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 05ක්

Generic placeholder image

ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිවේදනය පහතින්,


Mar
12

දිවයින පුරා අදත් සවස් කාලයේ වැසි

Generic placeholder image

නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලටමි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවි යහැක. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ […]


Mar
11

හමුදා ට්‍රැක්ටර් රථයක ගැටී පොලිස් සැරයන්වරයෙකු මරුට

Generic placeholder image

යතුරුපැදියක් හමුදා ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් හබරණ – පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ ගමන්ගත් පොලිස් සැරයන්වරයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 53 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මරණයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ හබරණ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පොලිස් […]


Mar
11

මන්ත්‍රී අශෝක් අබේසිංහ අද CID යට පැමිණෙයි

Generic placeholder image

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සම්බන්ධ බවට පැවසීම ගැන සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස සමගි ජනබල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද උදෑසන පැමිණ තිබෙනවා.


Mar
11

මහා ශිව රාත්‍රී දිනය අදයි

Generic placeholder image

ලෝක වාසී හින්දු ආගමික ජනතව මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදුවු බව හින්දු විශ්වාසයයි. ශ්‍රී ලාංකික මෙන් ම ලොව වෙසෙන හින්දු බැතිමතුන් අද(11) රාත්‍රීයේ සිට හෙට(12) උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රී […]


Mar
11

ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් – 23 හැවිරිදි තරුණයෙකුත් ඒ අතර

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති ඒ අනුව මෙරටින් වාර්තා වී තිබෙන සමස්ත මරණ ගණන 515ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර අලවතුගොඩ ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකු ද වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post