News Line| Off Air
Generic placeholder image

Dec
29

ගුරු මාරු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Generic placeholder image

2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැරව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය […]


Dec
29

අද සවස් කාලයේ වැසි

Generic placeholder image

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා […]


Dec
27

ළමා හා තරුණ කණ්ඩායම් කිහිපයකට ගුවන් යානා නඩත්තු අංශය නැරඹීට අවස්ථාව

Generic placeholder image

ළමා හා තරුණ කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ ගුවන් යානා නඩත්තු අංශය නැරඹීට සහ ගුවන් යානයක ඇතුළත දැකගැනීම සඳහා අවස්ථාව ලබා දීමට ‘A Day with a Plane’ යනුවෙන් ව්‍යාපෘතියක් ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් දියත් කර ඇත. ඒ අනුව වල්පොල ශ්‍රී රතනසාර ප්‍රාථමික විද්‍යාලයේ, සීදූව වෘත්තීය පුහුණු ආයතනයේ […]


Dec
27

අද කාලගුණ නිවේදනය

Generic placeholder image

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


Dec
23

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

අමාත්‍යාංශ 08ක විෂය පථයන්වල සංශෝධන කිහිපයක් සිදුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝග පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සං‍ශෝධන සිදුකර ඇති බවය.


Dec
23

දක්ෂිණ අධිවේගයේ අනතුරින් 11 දෙනෙකු රෝහලට

Generic placeholder image

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම අතරදී බස් රථයක් අනතුරට පත් වී තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් ගමන්කරමින් සිටි බස් රථයකි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් තුවාළ ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර […]


Dec
23

සතොස භාණ්ඩ 07ක මිල අඩුකරයි

Generic placeholder image

ලංකා සතොස ආයතනය අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 07ක මිල අඩුකර තිබෙනවා. ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 4කින්, ආනයනික අර්තාපල් සහ බී ලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 5කින් අඩුකර තිබෙනවා. ඊට අමතරව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 11කින්, දේශිය ටින්මාළු රුපියල් 15කින්, මිරිස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 15කින්, හාල් මැස්සෝ කිලෝග්‍රෑම් එකක් […]


Dec
23

LPL අවසන් මහා තරගය අද

Generic placeholder image

Kandy Falcons කණ්ඩායම සමඟ පැවති තරගය Colombo Stars කණ්ඩායම කඩුලු 6 කින් ජය ගැනීමත් සමඟ ඔවුන් අවසන් මහා තරගයට තේරී පත් වුණා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Colombo Stars කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර අද (23) රාත්‍රී 7.30 ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.


Dec
22

දෙසැම්බර් 26 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

Generic placeholder image

දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනය කර තිබෙනවා.


Dec
22

ප්‍රාථමික අංශ දරුවන් වාර විභාගවලින් නිදහස්

Generic placeholder image

ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අවශ්‍ය වෙනස්කම් සිදු කර ඉදිරියේ දි පාසලෙන් […]


Dec
22

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවන්න චක්‍රලේඛයක්

Generic placeholder image

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා සහ ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබෙනවා. ඒ භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි. ඒ අනුව 2022 වසර සඳහා සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම උපරිම වශයෙන් රුපියල් 25,000කට සීමා කර තිබෙන අතර පාඩු ලබන ආයතන සඳහා ප්‍රසාද දීමනා ලබා නොදෙන බවයි […]


Dec
22

බස් රථයක් පෙරළී පුද්ගලයින් 15 දෙනෙකු රෝහලට

Generic placeholder image

පලෙයි ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් තුවාළ ලැබූ පිරිසක් රෝහල්ගතකර තිබෙනවා. ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. අධික වේගය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් බස් රථය පෙරළී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි. අනතුරින් තුවාළ ලැබූ 15දෙනෙකුට ආසන්න පිරිසක් යාපනය සහ කිලිනොච්චි […]


News Articles
Latest Videos
Most Popular Post