News Line| Off Air
Generic placeholder image

Feb
11

පාස්කු ප්‍රහාරයට අදාළව යුක්තිය ඉටු නොවුණහොත් ජාත්‍යන්තරයට හෝ යන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ ගොස් සාධාරණය ඉටු කරන්නා බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවා. අද පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ඉල්ලූ නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද උන්වහන්සේ කියා සිටියා. අප්‍රේල් […]


Feb
11

නව ආසාදිතයින් 536 දෙනෙකු හඳුනා ගනියි – 567 දෙනෙකුට සුවයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 536 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. මිනුවන්ගොඩ, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට අද එක් වූ නව ආසාදිතයින් 536 දෙනා සමග එම පොකුරුවල සමස්ත ආසාදිත ගණන 68,691 දක්වා […]


Feb
11

රිෂාඩ් බදියුදීන්ගෙන් අගමැතිට ප්‍රශංසා

Generic placeholder image

කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා. එමෙන්ම එය ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් මේ සඳහා පෙනී සිට අත්වැල් බැඳගත් අයට තම ස්තුතිය පිරිනමන බවත් එහි […]


Feb
11

මිරිස්වත්තේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය ගිනිඅවි ගබඩාවක් වටලයි

Generic placeholder image

කටාන, මිරිස්වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය ගිනිඅවි ගබඩාවක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් වටලා තිබෙනවා.එම ගබඩාවේ තිබී ගිනිඅවි 08ක් සහ ජීවඋණ්ඩ 1171ක් සොයා ගෙන තිබෙනවා.


Feb
11

තවත් විදෙස් සංචාරකයින් පිරිසක් අද දිවයිනට පැමිණෙයි

Generic placeholder image

තවත් විදෙස් සංචාරකයින් පිරිසක් අද දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව කසක්ස්ථානයේ සිට සංචාරකයින් 235 දෙනෙකු හා යුක්‍රේනයේ සිට සංචාරකයින් 179 දෙනෙකු මෙරටට මෙලෙස පැමිණ තිබෙන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායනය කිරීම සදහා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


Feb
11

නිකවැරටිය ප්‍රදේශයේ වන ලැහැබක තිබී ගෙළ කපා දමා තිබු මළ සිරුරක් හමුවෙයි

Generic placeholder image

නිකවැරටිය ප්‍රදේශයේ වන ලැහැබක තිබී ගෙළ කපා දමා තිබු මළ සිරුරක් හමුව තිබෙනවා. ඒ පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකදී මේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා වයස අවුරදු 30 ක පමණ අයෙක් බවයි පොලිසිය සදහන් කරන්නේ. කෙසේ වෙතත් මේ දක්වා මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය සොයාගෙන නොමැති අතර මිය ගිය […]


Feb
11

ජනගහනයෙන් මිලියනයකට කොවිඩ් මරණ 17ක් -GMOA නවතම හෙළිදරව්වක්

Generic placeholder image

රෝගීන් වාර්තා වන ශීඝ්‍රතාවයට වඩා වැඩියෙන් මෙරට මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.පසුගිය සති දෙක ඇතුළත ජනගහනය මිලියනයකට 17 ක් දක්වා මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වාදෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළා.


Feb
11

මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක් සැලසෙනවාද?

Generic placeholder image

මේ වන විට ලොව පුරා පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් සෑම දෙනාම මුහුණු ආවරණයක් පැළදීමට කටයුතු කරනු ලබනවා. බොහෝ දෙනා මේ වන විට ශල්‍ය මුහුණුආවරණයක් පැලඳ එය ආවරණය වන ලෙස රෙදිවලින් සෑදු මුඛ ආවරණයක් පැලඳීම දක්නට ලැබෙන අතර ඒ තුලින් වෛරස කාරකයන්ගෙන් සියයට 92.5ක ආරක්ෂාවක් ලබාගත හැකි බව ද කරන ලද පරික්ෂනයකින් අනාවරණය වී ඇති […]


Feb
11

මන්ත්‍රී රන්ජන් ගැන අභියාචනාධිකරණ දුන් නියෝගය

Generic placeholder image

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාර්තු 16 දක්වා කිසිදු පියවරක් නොගන්නැයි, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යළි නියෝග කර තිබෙනවා. ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් හෙට (12) දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණය පසුගිය 5 වනදා ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කර තිබුණා.


Feb
11

ජනපති පාර්ලිමේන්තුවට එයි

Generic placeholder image

අද පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අතරවාරයේ පෙරවරු 10.15ට පමණ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සභාගැබට පැමිණියා.


Feb
11

බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දෙයි

Generic placeholder image

e-ticketing සංකල්පය යටතේ බස් රථ ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. මේ අනුව අදාළ කාඩ් පතට රීලෝඩ් මගින් මුදල් බැර කර පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා ගෙවීම් කළ හැකි වනු ඇති බවයි පැවසෙන්නේ.


Feb
11

මෙරට සෑම කොරෝනා රෝගියෙකුගෙන්ම තවත් ආසාදිතයෙකු බිහිවීමේ අවදානමක් ?

Generic placeholder image

මෙරට පවතින කොරෝනා තත්ත්වය සැලකීමේදී සෑම කොරෝනා රෝගියෙකුගෙන්ම තවත් ආසාදිතයෙකු බිහිවීමේ අවදානමක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එය කිසිසේත්ම සමාජ ව්‍යාප්තියක් නොවන බවත් සෑම කොරෝනා රෝගියෙකුටම වෙන් වූ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු තවදුරටත් විධිමත්ව සිදු කෙරෙන බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post