News Line| Off Air
Generic placeholder image

Feb
5

මෙරට ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා. අරවින්ද ද සිල්වා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර එහි අනෙකුත් සාමාජිකයින් වනවා.


Feb
5

නිවසේ වැසිකිළිය තුල දිවියා සමග සිර වී සිටි සුනඛයාට සිදු වූ දේ ( photo )

Generic placeholder image

ඉන්දියවේ කාන්නඩ ප්‍රාන්තයේ නිවසක වැසිකිළියක් තුලට පැමිණි සිටි දිවියෙක් සමග එම නිවසේ සිටි සුනඛයා ද සිර වී සිට ඇති අතර නිවැසියන් සිය නාන කාමරයේ සිටි දිවියා දැක අදාල කාමරය අගුලු දමා තිබෙනවා. එම කාමරයේ සිටි සුනඛයා ද මේ හේතුවෙන් එළියට ඒමට නොහැකිව සිරව තිබෙනවා. එම සුනඛයාට මරණ බියෙන් තැතිගෙන සිටින ආකාරයක් එම සිද්ධිය රූගත කරන […]


Feb
5

82 හැවිරිදි කාන්තාවක් දූෂණයකර පළා ගිය 32 හැවිරිදි පුද්ගලයා අල්ලයි

Generic placeholder image

අතුරුගිරිය, වල්ගම ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ 82 හැවිරිදි කාන්තාවක් දූෂණයකර පළා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාවගේ දරුවන් දෙදෙනා වෙනත් නිවෙස්වල පදිංචිව සිට ඇති අතර ඇය වල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තනිව වාසයකර තිබුණා. එම කාන්තාවගේ නිවස අසල පිහිටි කුඩා කඩ කාමරයක් කුලියට දීමට ඇති බවට පළකර තිබූ දැන්වීමකට අනුව ඒ පිළිබඳ තොරතුරු දැන […]


Feb
5

රන් මිලෙහි වෙනසක්

Generic placeholder image

ලෝක වෙළෙදපොලේ රන් මිල පහල ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල සියයට 2.44 කින් පහල බැස තිබෙන අතර මේ වන විට ලෝකවෙළෙදපොලේ රන් අවුන්සයක මිල පවතින්නේ 1,790, 33 ලෙසයි.


Feb
5

එළඹෙන සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ 27 ක්

Generic placeholder image

සඳුදා සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණයකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බව අමාතයවරයා වැඩ්දුරටත් පැවසීය. රතු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 106සුදු කැකුළු 1Kg – (නව මිල) රුපියල් […]


Feb
5

තම සොහොයුරා අතින් දිගු කාලයක් තිස්සේ අපයෝජනයට ලක් වූ 15 හැවිරිදි නැගණිය දරුවෙකු බිහි කරයි

Generic placeholder image

වයස අවුරදු 18 ක් වූ සිය සොහොයුරා අතින් දිගු කාලයක් තිස්සේ ලිංගික අතවරයට ලක් වුණු 15 හැවිරිදි නැගණිය දරුවෙකු බිහිකර තිබෙනවා. දරුවා ලැබීමට එම 15 හැවිරිදි දැරිය රෝහලගත කිරීමට යාමේදි මේ බව කරුණු අනාවරණය වී තිබෙන්නේ. පොලිසිය විසින් අදාල 18 හැවිරිදි සොහොයුරා අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඊයේ දිනයේ අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.


Feb
5

ගම්පහ මුල්‍ය ආයතනයේ මංකොල්ලය ගැන තොරතුරු දුන්නොත් රුපියල් මිලියනයක මුදලක්

Generic placeholder image

ගම්පහ ප්‍රදේශයේ පසුගියදා සිදුවූ මුල්‍ය ආයතන කොල්ලය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නෙකුට රුපියල් මිලියනයක මුදලක් පිරිනමන බව පොලිසිය පවසනවා.


Feb
5

අඩි 60ක් ගැඹුරු මුහුදේදී විවාහ වුණු අපූරු යුවළක් ( photo )

Generic placeholder image

සිය විවාහය අඩි 60 ක් ගැඹුරු මුහුදේදී විවාහය වුණු අපුරු යුවළක් පිලිබදව දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙනවා. දකුණු ඉන්දියාවේ වෙන්නායි නුවර පෙම්වතුන් යුවළක් විසින් සිය විවාහය මේ ආකාරයට අඩි 60 අඩි 60ක් ගැඹුරු මුහුදේදී සිදු කර තිබෙනවා. මෙම පෙම්වතුන් දෙදෙනා සහ කිමිදුම් උපදේශකයන් හය දෙනෙකුද මෙලෙස බෝට්ටුවක නැගී සාගරය වෙත ගොස් තිබෙන අතර මෙම උපදේශකයන් විසින් […]


Feb
5

කොරෝනා ආසාදනය වී මිය ගිය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ගේ අවසන් කටයුතු සිදුකෙරේ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගිය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05) පෙරවරුවේ සිදුකෙරුණා. ඒ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී


Feb
5

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් සංචාරය අත්හිටුවයි

Generic placeholder image

පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එම සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වනදා දිවයිනෙන් පිටත්වයෑමට නියමිතව තිබුණා.


Feb
5

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

Generic placeholder image

ප්‍රදේශ කිහිපයකට හුදකලා බව ඉවත්කිරීම සහ අලුතින් පැනවීම මේ මොහොතේ සිට සිදුකරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙනු ලබනවා.


Feb
5

ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා මෙන්න

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමාජ මාධ්‍ය ඔස්සේ කළ සමීක්ෂණයකින් අනතුරුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිල ට්විටර් ගිණුමේ ලොව හොඳම උපායශීලි ක්‍රිකට් නායකයා තේරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුණි. ඒ සඳහා මහේල ජයවර්ධනට අමතරව ඔස්ට්‍රේලියා හිටපු නායක මාක් ටේලර්, නවසීලන්ත හිටපු නායකයන් […]


News Articles
Latest Videos
Most Popular Post